අරගල භූමියේ සිට ළමා රෝහලට ඇතුළත් කළ දරුවාගේ සෞඛ්‍ය තත්ත්ව යහපත්

අරගල භූමියේ සිට ළමා රෝහලට ඇතුළත් කළ දරුවාගේ සෞඛ්‍ය තත්ත්ව යහපත්

ඉයේ දිනයේ (09 ඔක්තොම්බර්) අරගල භූමියේ උනුසුම්කාරි තත්වයෙන් පසුව ළමා රෝහලට ඇතුළත් කළ දරුවා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. එමෙන්ම දරුවාට කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බව ද වෛද්‍යවරයා පෑවසිය.

ඊයේ (09) රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට එම දරුවා ඇතුළත් කර තිබූ අතර  වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් දරුවා පරීක්ෂාකර බලා කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බැවින් දරුවා රෝහලෙන් පිටත්කර යැවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා,

“දරුවාට බාහිර හෝ අභ්‍යන්තර කිසිදු රෝගී තත්ත්වයක් එහෙම නැත්නම් කිසිම තුවාල තත්ත්වයක් ඇතිවෙලා නෑ. දරුවා හොඳ තත්ත්වයේ ඉන්නවා. මේ තත්ත්වයට දරුවන් පත්කිරීමට කටයුතු කිරීම එතරම් සුදුසු නෑ. දරුවන් මෙවැනි අවස්ථාවන්වලට පෙලඹවීම සහ රැගෙන යෑම මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒක කිසිසේත්ම හොඳ කාරණාවක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ දරුවන්ව ආරක්ෂා කරගන්න.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top