ඇත්තටම වෘෂණ කෝෂ බද්ධ කරන්න පුළුවන්ද?

fs

මේ දවස් වල නිතරම අහන්න ලැබෙන්නේ වෘෂණ කෝෂ විකුණන එක ගැන. සල්ලි නැතිකමට සල්ලි හොයන්න ඕන කියලා සමහරු මේ වැඩේට රැවටෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු ඇත්තම මේවා බද්ධ කරන්න සහ විකුණන්න පුළුවන්ද කියලා.

ඇත්තටම වෘෂණ කෝෂ බද්ධ කරන්න පුළුවන්ද?

🟢 වෘෂණ කෝෂ බද්ධ කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේක වන්ධ්‍යාකරණ ක්‍රියාවලියක්.

🟢 වෘෂණ කෝෂ ඉවත් කරන්න කරන සැත්කම් කවදාවත් 100% සාර්ථක නැහැ. එහිදී වෛද්‍යවරයා අතින් වන වැරදීමකින් අධික රුධිර වහනය නිසා මරණයට පත්වෙන්න පුළුවන්.

🟢 ඒ වගේම සනීපාරක්ෂාව ගැන නොසලකා හැරියොත් ඇති වන ආසාදන නිසා මරණයට පත් වෙන්න පුළුවන්.

🟢 ඒ වගේම වෘෂණ කෝෂ ඉවත් කිරීම නිසා ලිංගික බෙලහීනතාවය ඇති වෙන්න පුළුවන්.

🟢 වෘෂණ කෝෂ මගින් නිපදවන ටෙස්ටොස්ටෙරොන් හෝර්මෝනයේ එක් කාර්යයක් වෙන්නේ පුද්ගලයින්ගේ ලිංගික ආශාව නියාමනය කිරීම. වෘෂණ කෝෂ ඉවත් කිරීම නිසා ලිංගික ජීවිතය ඉතා දුර්වල එකක් බවට පත් වෙනවා.

🟢 එක් වෘෂණයක් ඉවත් කරොත් ශිෂ්ණය සෘජු වීම අපහසු කරනවා වගේම ලිංගික ආශාවන් කෙරෙහි ලොකු බලපෑමක් කරන්න පුළුවන්.

🟢 2019 නිව් යෝර්ක් ටයිම්ස් හී ලිපියක වාර්ථා වූ වෘෂණ නොමැති 36 හැවිරිදි මිනිසෙකුට සර්බියාවේ සිටින ඔහුගේ සමාන සහෝදරයෙකුගේ වෘෂණයක් බද්ධ කිරීම ලෝකයේ තුන්වන වෘෂණ බද්ධය වෙනවා.

🟢 නමුත් ගොඩක් රටවල මේක නීති විරෝධී ක්‍රියාවක් නිසා වෘෂණ කෝෂ විකුණා හසුවුවහොත් එය දඩුවම් ලැබිය හැකි වරදක්.  

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top