උප්පැන්න සහතිකය අලුත් වෙයි..!

collage

මින් ඉදිරියට උප්පැන්න සහතිකය යන්න ‘ජාතික උප්පැන්න සහතිකය’ නමින් හඳුන්වාදී මෙතෙක් ළමුන්ට අගතිගාමී ලෙස බලපෑ ‘දෙමව්පියන් විවාහකද? ’ යන කොටස එයින් ඉවත් කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 

 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික හා ඡාත්‍යන්තර මට්ටමට ගැලපෙන අයුරින් සකස් කර ඇති ජාතික උප්පැන්න සහතිකය භාෂා දෙකෙන්ම නිකුත් කිරිමටත්, එහි ජාතිය යන්නට දෙමව්පියන්ගේ ජාතිකත්වය, ඇතුළත් කර ඇතැයි ද රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා පවසයි.

උපතේ දී ලබාදෙන අනන්‍යතා අංකය ඇතුළත් කර වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සකස් කර ඊට ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සළකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකරයක් ඊට අලවා ඇතැයි ද ඒ මහතා කියයි. 

 රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සනින් ඉදිරියේ දී මෙම ජාතික උප්පැන්න සහතිකය රටට හඳුන්වාදෙන බවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

111537173 3147381085375403 8241352747020082090 n
109348091 3147381132042065 9060835056017343886 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top