උසස් පෙළ සිසුන් සඳහා මාසිකව රුපියල් 5000 ක්..අයදුම් කරන විදිය මෙතනින් දැනගන්න..

images 1

ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස.(සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුනට ශිෂ්‍යත්ව පිරිනැමීමට ජනාධිපතිතුමා විසින් තීරණය කර ඇත.

සුදුස්සන් තෝරා ගැනීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම් කිරීම සඳහා සුදුසුකම් අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රු.75,000/- නොඉක්ම විය යුතුය.

රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු/ශිෂ්‍යාවක විය යුතුය.

අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස.(සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේදි අ.පො.ස.(උ.පෙළ) හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුය.

එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යයත්ව ප්‍රමාණය 30ක් වන අතර, එලෙස තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීනට අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රු.5,000.00 බැගින් මාස 24 ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරයක් පිරිනමනු ලැබේ.

මීට අදාල පුවත් පත් දැන්වීම 2022.12.05 වන දින දිනමිණ සහ තිනකරන් යන පුවත් පත්වල පල කිරීමට කටයුතු කර ඇති අතර , ඊට සමගාමීව සියළුම පාසල් වල විදුහල්පතිවරු වෙත දැනුම් දීමට කටයුතු කර ඇත.

අදාල අයදුම්පත්‍රය 2022.12.23 වන දිනට පෙර ලබා දී ඇති උපදෙස් අනුව සම්පූර්ණ කර විදුහල්පති වෙත භාර දීමට කටයුතු කල යුතුය.

මේ අතර අදාළ අයදුම්පත්‍රය සහ උපදෙස් ජනාධිපති අරමුදලේ  www.presidentsfund.gov.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැක.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top