ගත වූ මාස 10 තුළදී, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් හෙළිවූ දේ..

download

අද දින(1) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ කාරක සභා අයවැය විවාදයට ලක් කළ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධීන් 12000ක් මෙම වසරේ මුල් මාස 10 ඇතුලත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තාවී ඇති බවයි.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමුන් හිංසනයට පත්කරමින්, මෙලෙස සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධින් වාර්තා වී ඇතිබව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඩිජිටල්කරණය සමඟ මෙවැනි සිද්ධි පාලනය කර ගැනීම තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුවරුන් මෙන් ම දෙමාපියන්ගේද වගකීම බව ද මෙහිදී පෙන්වා දුන්නා. 

 තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මගින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම දැන් ආරම්භ කර තිබෙන බව පැවසූ රාජ්‍ය ආමාත්‍යවරයා කියා සිටියේ, උසස් පෙළ අසමත් වන සිසුන් තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යාපනය සඳහා යොමු කරවීම තම වගකීමක් බවයි. 

 එමෙන්ම ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් රැකියා වෙළඳපොල ඉලක්ක කරගනිමින් තොරතුරු තාක්ෂණ විෂය, පාසල් හා උසස් අධ්‍යාපන ආයතනවල විෂය නිර්දේශවලට ඇතුළත් විය යුතු බවට යෝජනා කරන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ, විශේෂයෙන් තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් තොරතුරු තාක්ෂණ අංශයේ පුහුණු පාඨමාලා ව්‍යප්ත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි.

මෙහි මූලික පියවරක් ලෙස ලබන 06 වෙනිදා තරුණ සේවා සභාවේ බටන්ගල පුහුණු මධ්‍යස්ථානයේ දී තරුණ තරුණියන් 200 ක් සඳහා තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ඇතුළු කාර්මික ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරිමට නියමිත බවත්, මේ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 20000 ක් පමණ රට තුළ පවතින බවත්, එය කඩිනමින් සම්පූර්ණ කර ගැනීම තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රධාන අභිලාෂයක් බව ද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සඳහන් කළා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top