තිලිණි ප්‍රියමාලිට ඇප

22 638fcdcd2c641 1

මහා පරිමාණ මුල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි හට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා.

අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඇයට මෙලෙස ඇප නියම කළා.

රුපියල් බිලියන ගණනක් වන විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමුහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිලිණි ප්‍රියමාලිට එරෙහිව මීට පෙර නඩුකර 8ක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අධිකරණවල දී විභාගයට ගැනුණු අතර මිට පෙර එම නඩුකර සඳහා ඇයට ඇප හිමි වුණා.

රුපියල් පනස් දහසක මුදල් ඇප රුපියල් මිලියනයක ශරීර ඇප මතයි මෙලෙස ඇයව මුදා හැරුණා.

මේ අතර ඊට අදාළ ඇපකරුවන්ගේ පදිංචි සහතික වත්කම් සහතිකද ඉදිරිපත් කළ යුතු බව සඳහන් වනවා.

ඇයට විදේශ ගමන් ද තහනම් වන අතර ඒ සම්බන්ධව ආගමන විගමන පාලකවරයාට දන්වා යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව සෑම මසකම අවසාන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවද අධිකරණය විසින් තිලිණි ප්‍රියමාලිට නියෝග කර තිබෙනවා.

තවද අගුරු වූ චෙක්පත්වල අදාළ මුදල් ගෙවිය යුතු යන දැඩි අවවාද මතයි තිලිණි ප්‍රියමාලිට ඇප ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

තිලිණි ප්‍රියමාලිට ඇප ළැබුනද , තවද කිසිදු වරදක් නොකල වසන්ත මුදලිගෙ මහතා හට ඇප නියම නොවුනේ මන්දෑයි ජනතාව ප්‍රශ්න කරයි..

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top