ධනුෂ්ක ගුණතිලක අද (7) යළි සිඩ්නි අධිකරණයට

ධනුෂ්ක ගුණතිලක අද (7) යළි සිඩ්නි අධිකරණයට

ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ධනිෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

චෝදනා 4ක් යටතේ ධනිෂ්ක සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඊයේ (06) දිනයේ පොලිස් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණා.

29 හැවිරිදි කාන්තාවක් සිඩ්නි හි පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි ධනිෂ්ක මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඇය පොලීසියට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ රෝස් බේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී පසුගිය දෙවන ද ධනිෂ්ක ගුණතිලක අවස්ථා 4කදී සිය කැමැත්තකින් තොරව තමාට ලිංගික අතවර කළ බවයි.

එම පැමිණිල්ලට අනුව පෙරේදා පැවැති එංගලන්ත ශ්‍රී ලංකා තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවතී සිටි සසෙක්ස් හි පිහිටි හෝටලයේ දී ඕස්ට්‍රේලියානු සසෙක්ස් ප්‍රාන්ත පොලිස් ලිංගික අපරාධ ඒකකය විසින් ඊයේ (06) අළුයම 01 ට පමණ ධනිෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවා.

එසේම එම චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

Danushka Gunathilaka 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top