පාස්කු ප්‍රහාරයට අදාළ පෙත්සම් විභාගය අවසන් වෙයි

The hearing of the petition related to the Easter attack ends

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වීමට නොසැලකිලිමත් වීම සහ ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය.

The hearing of the petition related to the Easter attack ends 1

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පැවති දීර්ඝ නඩු විභාගයේ වාචික කරුණු දැක්වීම් අද (05) අවසන් විය.
ඉන් අනතුරුව මෙම නඩුවට අදාළ ලිඛිත දේශන සති තුනක් ඇතුළත ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය. මියගිය සහ තුවාල ලැබූ වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ක්‍රිස්තියානි පියවරුන් ඇතුළු පිරිස විසින් පෙත්සම් 13ක් ගොනු කර තිබේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් නම් කර තිබේ.

The hearing of the petition related to the Easter attack ends 6
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top