පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේට ඇප

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේට ඇප

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ. 

පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළත් උන්වහන්සේ හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනොට හැකිවුණේ නැත. 

වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, කමල් විජේසිරි ඇතුළු නීතිඥ මණ්ඩලයක් අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් දින 89 ක කාලයක් රඳවා තබා ගෙන සිටි අතර පසුගිය නොවැම්බර් 17 වැනි දා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. 

පසුගිය නොවැම්බර් 23 වැනිදා පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට කොළඹ අතිරෙක මහේස්ත්‍රාත්වරිය ඇප නියම කල අතර අනතුරුව වෙනත් නඩුවක් සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. 

ඒ, පසුගිය මැයි මාසයේදී ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් කලහාකාරි ලෙස හැසිරීම, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, රජයේ දේපොළවලට හානී කිරීම යන චෝදනා සම්බන්ධයෙනි. 

කෙසේවෙතත් අද පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී උන්වහන්සේ හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි වූ අතර සැකකාර සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ ශරීර ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

කෙසේවෙතත් වෙනත් නඩුවක් සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි. 

නඩුව ලබන වසරේ අප්‍රේල් 25 වැනි දා යළි කැඳවීමට නියමිතයි. 

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity English News And Articles- Ceylebrity News

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top