පෞද්ගලික බිල් රජයේ මුදල්වලින් ගෙවපු කෙහෙළියට වැඩ වරදියි…

පෞද්ගලික බිල් රජයේ මුදල්වලින් ගෙවපු කෙහෙළියට වැඩ වරදියි...

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද හා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ට , (28) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදි අධිචෝදනා භාරදෙනු ලැබුවා….

ඉන්  අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනාට , රුපියල් 30,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් තුන්ලක්ෂ පනස් දහස බැගින් වූ ශරිර ඇප 02 ක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළා.

නඩුව ලබන නොවැම්බර් 03 වැනිදා යළි කැඳවීමටද විනිසුරුවරයා නියෝග කළා.

2011 ඔක්තෝම්බර් 13 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී , රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසීය අසූ හතරයි ශත හතළිස් පහක් යොදා සිය පෞද්ගලික දුරකතන බිල ගෙවීමට එම සංස්ථාවේ සභාපතිවරයා යොදාගෑනිම සහ එකී දුරකතන බිල ගෙවීම ඇතුළු චෝදනා දෙක යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබුණා….

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top