මේ වගේ ආදරයක් ලබන්න ගොඩක් පින් කරලා ඇති.. ජනප්‍රිය නිළි ශනුද්‍රි ප්‍රියසාද්..(PHOTOS)

shanudri priyasadaaaa

නිරන්තරයෙන්ම පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ රංගන ශිල්පිනියක්ම පමණක් නෙවෙයි. 

දක්ෂ ගායන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම නිරූපන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් රටක් ආදරය කරන ප්‍රියසාද් පවුලේ බාලයා වූ ශනුද්‍රි මේ වෙද්දී පුංචි තිරයෙන් විතරක් නෙවෙයි රිදී තිරය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

ඉතින් මේ දවස්වල පුංචි තිරයේ හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ ඊශා ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය ඊට නොදෙවෙනි ආදරයක් රිදී තිරයෙන් ලබන්නේ වාසව බඳුගේගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන ‘ආදරණිය ප්‍රාර්ථනා’ චිත්‍රපටය හරහායි.ඉතින් ඇයගේ මේ සිනමා රංගනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි කියලයි ඇය කියන්නේ.

ඒ වගේම පුංචි තිරයෙන් ඇයව නිතරම දැකලා තිබුනට මේ දවස්වල නම් ඇයට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ රිදී තිරයට කියලත් ඇය කියනවා. ඉතින් ඇය පොඩි කාලේ සිනමාවට ළමා නිළියක් විදියට සම්බන්ධ වුණත් වැඩිමහල් චරිතයක් කරන පළවෙනි වතාවලු මේක. ඒ නිසා ඇයටත් ඒ අත්දැකීම අලුත් කියලයි ශනුද්‍රි නම් කියන්නේ.

ඒ වගේම ඇයට හරිම සතුටුයිලු ඉතාම ආදරෙන් ප්‍රේක්ෂකයන් ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටය බලන නිසා. ඉතින් ඒ වගේම ඇයගේ තාත්තාත් අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ සිනමාකරුවෙක්. ඉතින් ඇයගේ තාත්තා වොයිස් කට් එක පවා දෙද්දී ඇයගේ ගැන කිව්වේ නැති වුනාට ගෙදර ඇවිත් ඔහු හරිම සතුටින් ඒ ගැන කතා කළා කියලයි ශනුද්‍රි කියන්නේ. ඉතින් ඇයගේ තාත්තාත් අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපට කරපු කෙනෙක්.

ඉස්සර ෆිල්ම් බලන්න සෙනඟ එනවා වගේ දැන් මේ චිත්‍රපටය බලන්න සෙනඟ එන එක ගැන ඔහු පුදුම සතුටකින්ලු ඉන්නේ. ඒ වගේම තාත්තා ඇයගේ රංගනයන් හැමදාම අගය කරනවා කියලත් ඇය කියනවා. ඉතින් වැරදි අඩුපාඩු තැන් පෙන්වලා දීලා ගෙදරින් තමයිලු හැමදාම වගේ ඇයට හොඳම ප්‍රතිචාරය ලැබුණේ.ඒ වගේම මේ දවස්වල ඇය ආදරණීය ප්‍රාර්ථනා එක්ක ප්‍රේක්ෂකයන් හම්බෙන්න ගියාම ඒ අය ඇයව දැක්කම සතුටු කඳුළු පුරෝගෙන ඇයව බඳාගෙන ඒ අයගේ හිත් තුළ තියෙන ආදරේ ගැන කතා කරද්දී පුදුමත් හිතෙනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ ගැන වචන වලින් කියන්න අමාරුයි කියලත් ඇය කියනවා. ඒක අමුතුම විදියට දැනෙන ආදරයක් කියලයි අය කියන්නේ. ඒ වගේම ඇය හිතන්නේ ඇය හරිම වාසනාවන්ත වෙන්න ඕනේලු ඒ වගේ ආදරයක් ලබන්න. ඉතින් ඒ අයටත් ඇය හැමදාම හරිම ආදරෙයි කියලත් ඇය කියනවා. ඉතින් ඇය හිතන්නේ ඇය මොකක් හෝ පිනක් කරලා ඇතිලු මිනිසුන් අතරට මෙහෙම යන්න ලැබෙන්නේ.

297762582 601242724692424 6085726961896058720 n
125369421 214126293404071 8547539170649998592 n
175603186 1959231810896673 7077424145856188370 n
180865625 1969014639918390 5834233948052316567 n
183314788 1973798002773387 6023732522226513275 n
184004911 1974425422710645 687344477599373937 n
214050149 2027810177372169 2353466483110820944 n
239866391 2066048846881635 2026864180560599182 n
240920706 2064412143711972 8440640189920811025 n
241496746 2095788300574356 7615461133568299750 n
243999515 2089281494558370 1106171250850531236 n
271989328 2176139095872609 1400339508786294271 n
272102842 2176139042539281 7177371690398956391 n
272525142 2182007088619143 222861796415674474 n
276978357 511490780334286 6895560575736942620 n
297692477 601242741359089 7474594478981491389 n
315050077 1764886813887492 1726721124165252037 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top