රට ගොඩ ගන්න අලුත් තරුන නායකයන් හදමු….

api 5

⭕ හැම සම්පතකින්ම අනූන රටක් ලෝකේ උද්දමය අතින් 4 වෙනි තැන

⭕ පෑන්ඩොරා පෙපර් හෙලිකල වන්චා

⭕ මිග් යානා ගනුදෙනු වන්චාව

⭕ ලෝකේ රටවල් 193 න් සතුටෙන්ම සහ සැනසිල්ලෙන්ම මිනිස්සු ඉන්න රටවල් අතුරෙන් 176 ට ගෙනාවට

⭕ සීනි බදු වංචාවට

⭕ බැඳුම්කර වංචාවට

⭕ මහ බැංකු මන්කොල්ලයට

⭕ උපදින්න ඉන්න දරුවත් මිලියනෙකට වඩා ණය කාරයෙක්

⭕ $93 ට ටෙන්ඩරෙන් ආපු ගෑස් $ 126 අරන් කෝටි 132 ක් යටිමඩි

⭕ රටේ දරුවන්ගෙන් 43% මන්ද පෝෂනය

⭕ නැති ජාති වාදයක් අවුස්සලා මිනිස්සු කෙටෙව්ව

⭕ ඩීල් දාල කොමිස් ගහලා රටම ණය උගුලක පටලෝලා මහබැංකුවත් සුද්දකරලා බදු මුදල් වංචාකරලා රටට ලැබෙන හිඟමනත් හොරාකාලා රටම කන්න බොන්න බෙහෙත් ටිකත් නැතුව හිඟාකන තත්වෙට පත් කරපු දරුණු අපරාදකාරයො පාර්ලිමෙන්තුවේ

මොකක්ද මෙකට විසදුම ?

ලෝකේ තියෙන්නේ ගෝලිය විවෘත වෙළඳපොළ ආර්ථිකයක්. නොබියව ලෝකයට විවෘත වීමත්, ලෝකය සමග තරඟ කිරීමට දේශීය ආර්ථිකය හැඩ ගැස්වීමත්, පුද්ගලික ව්‍යවසායකත්වය ඒ වෙනුවෙන් සකස් කිරිමත් අපි කල යුතුයි. ලෝකයට සමග මුහු වීමට නම් අපි ලෝකයේ පොදු ආර්ථික ක්‍රම වේදයට අනුගත විය යුතුයි. මේ අපගේ රටේ බොහෝ නීති , පනත්, ක්‍රමවේදයන් යාවත්කාලීන වී නොමැත. නූතන තාක්ෂණික දියුණුව උකහා ගෙන නොමැත. මේ ක්‍රමය තවත් පැවතිය යුතු නොවේ. අප වෙනස් විය යුතුයි. පරන මොඩ මිනිස්සු ටික ඉවත් කල යුතුමයි. ක්‍රමය වෙනස් කළ යුතුයි. ලෝකය දියුණු වූ නව ක්‍රමවේද ලංකික තරුන පරම්පරාව සමග මුසු කල යුතුයි.

අරගලයේ අවසන් ජයග්‍රහණය පාලකයා ඉවත් කිරීමම නොවන බව ඔබට දැන් පැහැදිලි ඇති.
රට වෙනුවෙන් මාස ගනනාවක් අභීතව සටන් කළ මිලියන ගානක් ජනයාගේ හර්දසාක්ශිය ඉල්ලා සිටියේ, ශ්‍රීලංකාවේ පුරවැසියෝ, ලොව සතුටින්ම ජීවත් වන ජාතියක් බවට පත් කිරීම / අපට අහිමි උනත් මතු පරපුරට ලෝකයේ දියුණු රාජ්‍යයක් නිර්මාණය කිරීම.

ඒ සඳහා ඔබත් මමත් අලුතින් සිතිය යුතු ය.

ඉදිරි පියවර නිර්මාණය කළ යුතු ය.

ඒ සඳහා සැලසුම් කළ යුතු ය.

ක්‍රියාත්මක විය යුතු ය.

ඒ සදහා ඔබට වගකීමක් ඇත. ඔබත් මමත් නොකරන්නේ නම් වෙන කිසිවකු ද නැත. ඔබ නායකයෙකු වෙන්න. අලුත් නායකයෝ හොයන්න. අරගලය ජයග්‍රහණයෙන්ම අවසන් කරන්න. අපේ පරම්පාවෙන් ක්‍රමය අවසන් කරන්න. අලුත් ක්‍රමයක් හදාගන්න. රට හදන්න හැගීම,කැපවීම, දක්ෂතාව තියන එකම නායකයකු හෝ නිර්මාණය කරගැනීම ඔබට බාරයි. පරණ අදක්ෂ නායකයෝ වෙනුවට දක්ෂයෝ හොයමු සහා පාර්ලිමෙන්තුවට අරගෙන යමු. දැන් අලුත් ලෝකයක් වෙනුවෙන් මිනිස්සු එළියට ඇවිත්.

පාලකයින් එළවා නායකයින් පත්කර ගැනීමට යනුවෙන් කන්සෙප්ට් එකක් සමග මෙ වන විට ශ්‍රීලංකාවේ පුරවැසියෝ පිරිසක් ලොකු වෑඩ කොටසක් කරගෙන යනවා. ඔවුන්ගේ වෑඩසටහනට අනුව නිතිවේදීන් සමග පාර්ලිමෙන්තුවේ සහා පාර්ලිමෙන්තුවට පිවිසිමට බලපොරොත්තු වන නායකයන් සියලුම දෙනා ගිවිසුම් ගත විය යුතුයි නිනියට අනුව. එහි නිල වෙබ් අඩවිය – www.caglk.org එවිට ඒ කිසිවෙකුටවත් කිසිම වෑරද්දක් කල නොහෑක. සියලුම දෙනා මෙයට දායක වී අපේ රට ලොකේ හොදම රටක් දක්වා අරගෙන යමු. එය “Api 5 – අපි පස්දෙනා” නම් සන්විදානයයි. Api 5 – “අපි පස්දෙනා Facebook පිටුව”. Api 5 – අපි පස්දෙනා හි නිල වෙබ් අඩවිය- www.apipasdena.org.

api 5 dena
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top