මේක හෘද සාක්ෂියක් නැති මිනිස්සු ඉන්න රටක් – කාදිනල් හිමි…

cardinal malcolm ranjith

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ මෙසේ පැවසූහ.

“දිවා රෑ භාවනා කරන මිනිසා සත්පුරුෂයෙක් වන්නේය කියලා ගීතිකා අංක එකේ සටහන් කරනවා. අපි හැමදෙනාටම ශුද්ධවූ ජුසේ මුනිතුමාගෙන් ඉගෙනගත හැකි ලොකු පාඩමක් තියෙනවා. ඒ පාඩම තමයි හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන මනුෂයෙක් අප තුළ ඇති කරගත යුතුයි කියන එක.

අපිට ඇත්තටම කණගාටු වෙන්නට වෙනවා. මොකද හෘද සාක්ෂියක් නැති මිනිස්සු වගේ අපෙන් බොහෝ දෙනෙක් හැසිරෙනවා. හෘද සාක්ෂියක් නැති රටක් බවට පත් වෙන්නට අපේ රට අද අවාසනාවන්ත රටක් ලෙසෙ පත් වෙලා තියෙනවා. අපි නිදහස ලබා ගෙන අවුරුදු 75 වෙනවනේ. මේ 75ටම අපි චාරිත්‍ර වාරිත්‍ර සීලාචාරකම අතින් කොයිතරම් තත්වයකද ඉන්නෙ කියන එක අපි මෙනෙහි කර බැලිය යුතුයි. ලොකු ලොකු දූෂිත වැඩත් කරන්න පුළුවන් වෙනවා කිසීම භයක් නැතුව. අපේ රට තුළ අපිට තිබුණු උතුම් සංස්කෘතිය අපි නැතිකරගෙන තියෙනවා. අද මුදලට බලයට අපි ඕනතරම් ඉඩ දීලා තියෙනවා. මෙහෙම මේ රටවල් හදන්න බෑ අපිට. බලවතුන් පමණක් නොවෙයි බෙලහීනයනුත් මේ විදියටම තමයි ජීවත් වෙන්නේ.

මට ඇහුනා මගේ රථය එලවෙන එක්කෙනා හුඟාක් මිනිස්සු පෙට්‍රල් ශෙඩ් එකට ගිහිල්ලා ක්ව්.ආර් කෝඩ් එකට අමතරව ඒ පෙට්‍රෙල් ගහන එක්කෙනාට රුපියල් දහක් දුන්නම ෆුල් ටැන්ක් ගහලා දෙනවයි කියලා. ඒ මට්ටමේ මිනිස්සුත් දූෂණයට පුරුදු වෙලා.

ගෙදර අපි භාර්‍යයාවට තලනවනම් හැන්දෑවට හොඳටම බීගෙන ඇවිල්ලා මොනවද අපි මේ ලස්සන කරනවයි කියලා කියන්නේ. අපි එක එක්කෙනාගේ ජිවිතය ශුද්ධ වූ ජුසේ මුනිතුමාගේ වගේ සාධාරණත්වයේ පිළිබිඹුවක් වෙන්න ඕනේ. ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේත් අපිට කියන්නේ නපුර කියන එක ඉතාමත් දරුණු විදියට තියෙනවා. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ නිම නොවෙන අරගලයක්.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top