චීනයේ වේගයෙන් ව්‍යාප්ත වෙන කොවිඩ් ප්‍රභේදය ගැන දැනුම්දීමක්

china covid

චීනයේ ෂැංහායි ජනගහනයෙන් සියයට 70 කට අධික පිරිසක් කොවිඩ් -19 ආසාදනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රාජ්‍ය මාධ්‍ය මේ බව සදහන් කර ඇති අතර කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට පසුගියදා ගත් තීරණ කොවිඩ් අවදානම ඉහළ යාමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ෂැංහායි නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ද පියවර ගෙන තිබුණි.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ෂැංහායි නගරයේ සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවට හඳුනාගෙන ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවට චීන බලධාරීන් අනතුරු අඟවා තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top