විදුලිබිලට ජුලි මස 01 වනදා සිට වෙනදේ මෙන්න

electricity

විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ (15) සවස මහජන උපයෝගීතා කොමිසමට භාර දී තිබෙනවා.

රජයේ ප්‍රතිපත්ති තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ක්‍රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම දෙවතාවක් ඉදිරිපත් කළ යුතු වනවා.

ඒ අනුව ජනවාරි 1 වනදා සහ ජුලි 1 වනදා විදුලි ගාස්තු සංශෝධනයට අනුකූලව මෙම යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යෝජනාව සකස් කිරීමේදී සත්‍ය විදුලිය ජනන දත්ත සහ විදුලිය විකුණුම් දත්ත, සත්‍ය ඉන්ධන, ගල්අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් යොදා ගත් බවයි එම මණ්ඩලය පවසන්නේ.

විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ මෙම වසරේ විදුලි ජනන සැළසුම සහ විදුලි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එහි උපරිම ප්‍රතිලාභය, විදුලිය අඩු වශයෙන් භාවිතා කරන පාරිභෝගිකයන් වෙත ලබාදීම අරමුණු කර ගෙන එම යෝජනාව සකස් කළ බවයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top