IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි

download 2

අභිනව කැබිනට් මණ්ඩලය තවදුරටත් කල් යනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරනවා.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් අදාළ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇති බවට අපේක්ෂාව හේතුවෙන් අලුත් ඇමති මණ්ඩලය පත් කිරීම කල් යනු ඇති බවයි.

කැබිනට් මණ්ඩලය සඳහා නව ඇමතිවරුන් දොළොස් දෙනෙක් පත් කිරීමට අදාළ ලැයිස්තුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මීට මාස කිහිපයකට පෙර යවනු ලැබුවා.

නමුත් එම පත් කිරීම් දිගින් දිගටම කල් ගිය අතර ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ අවස්ථා කිහිපයකදී විරෝධය පවා එල්ල වුණා.

මේ වන විට කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් අට දෙනෙක්ගෙන් සමන්විත අතර ජනාධිපතිවරයාට තවත් අමාත්‍යවරුන් දොළොස් දෙනෙක් පත් කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි මස පත් කරනු ලබන නව ඇමති මණ්ඩලය සඳහා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ඒ එල් එම් අ තාවුල්ලා සමඟ සමඟි ජනබලවේගයේ ප්‍රබලයෙක් ද පත් කිරීමට නියමිත බවයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top