මැති සබේ කෑම වියදම සියයට 30කි ඉහළට

parliament food

විදුලිය, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කෑම වියදම සියයට 30කින් පමණ ඉහළ නැග ඇතැයි වාර්තා වේ.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ආහාර සඳහා මාසයකට ලක්ෂ 90 ක පමණ මුදලක් වැයවූ අතර එය දැන් කෝටිය ඉක්මවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා වැය කරන මුදලින් සියයට 60 කට අධික සංඛ්‍යාවක් වැය කෙරෙන්නේ එහි කාර්ය මණ්ඩලයේ ආහාරපාන වෙනුවෙන් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බොහෝ දුරට ආහාරපාන ලබා ගන්නේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පමණි. බොහෝ දුරට එය මාසයකට දින 8ක් පමණ වේ.

සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවද පැවසෙයි.

එහෙත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය මාසය පුරා(රජයේ වැඩ දිනවල )පාර්ලිමේන්තුවෙන් ආහාර සහනදායි මිලකට ගන්නා බව සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ ආහාරපාන නාස්තියද ඉහළ අගයක පවතින අතර ආහාර ද්‍රව්‍ය පිට කිරීමද පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට 2000කට ආසන්න පිරිසක් ඇතුළත් වෙති.

පාර්ලිමේන්තුවේ ආහාර සඳහා යන වියදම මැති ඇමැතිවරුන්ගේ ආහාර වියදම ලෙස පමණක් හුවා දැක්වීම වැරදි බව මේ අතර මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top