මේ වසරේ සිට ගුවන් ගමන් බලපත්‍රයේ වෙනසක්.

passport change

මේ වසරේ සිට විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (27) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

මෙම ක්‍රමය ලෝකයේ බොහෝමයක් රටවල් භාවිත කර බවත්, නව ගුවන් ගමන් බලපත්‍රය සඳහා ජීවදත්ත තොරතුරු ඇතුළත් විද්‍යුත් කාඩ්පතක් (චිප් එකක්) අලුතින් ඊට එකතු කරන බවත් ඔහු අවධාරණය කරන්නේ.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු පහසු කිරීම සඳහා දිවයින පුරා නව ශාඛා කාර්යාල 54ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බවත්, දැනට ක්‍රියාත්මකව පවතින කාර්යාල 4ට අමතරව මෙම නව ශාඛාවන් පිහිටුවන්නට කටයුතු කරන බවත්ය.  

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top