උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම මේ මස අග – අධ්‍යාපන අමාත්‍යාංශය –

education dipartment

පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ මස අග අයැදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පාසල්වලට අනියුක්ත කර ඇති උපාධිධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ සිටින අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට ඒ සඳහා අයැදුම්කිරීමේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගුරුවරුන් 12,000 ක් විශ්‍රාම ගැනීමත් සමග පාසල්වල මේ වනවිට ගුරු පුරප්පාඩු 22,000කට අධික සංඛ්‍යාවක් පවතී. 

අමාත්‍යාංශය සඳහන් කළේ, විද්‍යාව ,ගණිතය,තාක්ෂණය හා සෞන්දර්ය විෂයන්වලට අදාළ ගුරු පුරප්පාඩු රැසක් පවතින බවයි.

ඒ අනුව විභාගය කඩිනමින් පවත්වා අප්‍රේල් මාසයට පෙර නව ගුරුවරුන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top