14දා ටික්ටොක් පෙම්වතියට විවාහ ඇරයුම දෙන්න කිලෝමීටර් 1200ක් ඇවිද්ද තායි පෙම්වතා

valantine day story

තායිලන්තයේ මධ්‍යම පළාතේ පිහිටි නාකොන් නායොක් නගරයේ වාසය කරන සුතෙප් මයේවි ප්‍රොම්පිත් නමැත්තෙකු අද (14දා) දිනයට යෙදෙන ආදරවන්තයන්ගේ දිනයේදී සිය පෙම්වතිය මුණගැසීම සඳහා මාසයක කාලයක් පුරා කිලෝමීටර් 1,200ක දුරක් පයින් ඇවිද පැමිණි පුවතක් විදෙස් මාධ්‍යවාර්තා කළේය.
52 හැවිරිදි වියේ පසුවන සුතෙප් ප්‍රොම්පීත් පසුගිය ජනවාරි 14 වැනිදා සිය උපන් නගරයෙන් මෙම ගමන ආරම්භ කර තිබේ. අද (පෙබරවාරි 14දා) දකුණුදිග තායිලන්තයේ පිහිටි සාතුන් වෙත පැමිණ, එහි වෙසෙන සිය පෙම්වතිය වන 56 හැවිරිදි තානාපා යාව්-ඔන් මුණ ගැසීම හා ඇයට විවාහ යෝජනා කිරීම ඔහුගේ මෙම උත්සාහයේ අදහස වී තිබේ. ඔහු සඳහන් කරන ආකාරයට ඔහුගේ මෙම ගමන ලොව පුරා සිදුවන අපයෝජනයන් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන ගෘහස්ථ හිංසාවන් පිටුදැකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් ආරම්භ වූවකි.

“තමන්ගේ පවුලේ සාමාජිකයත් සහ ආදරණීයයන් අපයෝජනයට ලක්කරන, තමන්ගේ බිරින්දෑවරුන්ට හොදින් නොසලකන පිරිස්වලට එරෙහිව ජනතාව දැනුවත් කිරීම තමයි මගේ මේ ගමනේ අරමුණ වුණේ.” ඔහු පවසයි. පසුගිය සතිඅන්තය වනවිට ඔහු මෙම ගමනින් කිලෝමීටර් 1,100ක දුරක් ගමන් කර තිබුණි. ඒ අනුව ඔහු සිය ගමනාන්තය වෙත තරමක් ළඟාවෙමින් එරට දකුණුදිග ට්‍රාන්ග් නගරය වෙත පැමිණ තිබේ. ප්‍රොම්ජිත්ගේ මෙම ගමන සඳහා ඔහුගේ මිතුරෙකු වන 50 හැවිරිදි නිවාට් තොන්ග්විතිද සම්බන්ධ වී සිටියි.

මෙම ගමන පුරාවටම ඔහු තමන් සතුව ඇති පසෙක තවත් ආසනයක් සහිතව විශේෂයෙන් සකස් කළ ස්කූටරයේ නැගී  මේ ගමනට එක්ව සිටියි. ඔහුට අවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය රැගෙන යන්නේ මෙම ස්කූටරයේය.   මෙලෙස ඔහු අද දිනයේදී හමුවන තානාපා බියාවි- ඔන් 56 හැවිරිදි වියේ පසුවන්නියකි. විදෙස් මාධ්‍යවලට අනුව ඇය Pee Yutun නමිත් ටික්ටොක් ගිණුමක් පවත්වාගෙන යන අතර, අන්තර්ජාලය හරහා කූණිස්සන් තැවරුම් අලෙවියේ නිරත වන්නියකි.

එසේම ප්‍රොම්ජිත්ද “The Cat of Nine Lives” නමින් ටික්ටොක් ගිණුමක් පවත්වාගෙන යයි.  දැනට මාස පහකට පෙරාතුව ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ඔවුන් දෙපළ එකිනෙකා හඳුනාගෙන තිබේ.
ඉන් අනතුරුව දුරකථනය හරහා සිදුකළ අදහස් හුවමාරු කරගැනීමෙන් පසුව දෙදෙනා විවාහ වීමට එකග වී ඇත. වාර්තා සඳහන් කරන ආකාරයට තානාපා යාව්-ඔන් වැන්දඹුවක් වන අතර, දරුවන් දෙදෙනකුගේ බිරිඳකි. ප්‍රොම්ජිත් පවසන ආකාරයට මාසයක් පුරා සිදුකළ මෙම  ඇවිදීමේදී ඔහුගේ සිරුරේ බර කිලෝග්‍රෑම් 17කින් අඩුවී තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 57ක්ව තිබූ ඔහුගේ සිරුරේ බර අද වනවිට 40ක් දක්වා පහත වැටී තිබේ.

එසේම සිය අනාගත බිරිඳ වීමට යන කාන්තාව වෙත දක්වන ආදරය මෙම ගමන හරහා ඔප්පුවන බවත්, ඒ පිළිබඳව තමන් ඉමහත් සතුටට පත්වන බවත් ප්‍රොම්පිත් මෙහිදී වැඩිදුරටත් සදහන් කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට ප්‍රොජිත්ගේ මෙම කිලෝමීටර් 1,200ක් දුර ගමන නොනවත්වා සිදුකරන මෝටර් රථ ගමනක් ලෙස සිදුකළේ නම්, ඒ සඳහා ගතවන කාලය පැණි 16කි. එම දුර කිසිදු විවේකයක් නොගෙන පයින් ගමන් කළේ නම්  ගතවන පැය ගණන 200කට ආසන්න වෙයි. මේ අතර සිය විවාහය සිදු කිරීමෙන් අනතුරුව බිරිඳත් සමග ඉදිරියේදී තායිලන්තය පුරා සංචාරයක නිරතවීමටද අදහස් කරගෙන ඇතැයි ප්‍රොම්පිත් මාධ්‍යයට සඳහන් කර ඇත. එසේම මම ගමන සිය ටික් ටොක් ගිණුම් හරහා ඉදිරිපත් කිරීමත් ඔවුන්ගේ සැලසුම වී තිබේ.

6 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top