ඇමතිවරු හිතාගෙන ඉන්නේ අමාත්‍යංශය පවුලේ බුදලෙන් හම්බවෙච්ච එකක් කියලා.. එයාලා කියන දේවල් අපි කරන්නේ නෑ.. මම යන්නෙත් නෑ.!

Polish 20221206 120423345

ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සදහන් කරයි.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන්, සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කිංස්ලි රණවක වෙත දැනුම්දී ඇති බව අමාත්‍යංශය ඊයේ (05) පස්වරුවේ නිවේදනය කළේය.

මේ සම්බන්ධයෙන් ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක තැබු ෆේස්බුක් සටහන පහතින්.

“දැන් වෙලාව රෑ 11.48 අද හවස ඉඳල breaking news වලට සහ ප්‍රධාන රූපවාහිනී ප්‍රවුර්ති වලටත් කියලතියනවා මට ඇමතිතුමා කියුව කියල අයින් වෙන්න කියල. මුලින්ම කියන්න ඕන මේ වෙලාව වෙනතුරුත් මටනම් කියල නැහැ කවුරුත්, මධ්‍යයට කියන්න කලින් මට කියන්න එපැයි. මම නම් මේ වනතෙක් දන්නේ නැහැ. මම පුරවැසියෙක් විදියට මේ වගේ ආයතනයක වැඩ කරනකොට උත්තර දෙන්න බැඳිලා ඉන්නව රටේ මහජනතාවට.

මාව අයින් කරන්න තරම් වැරද්දක් මම කරල තියනවනම් මහජනතාවගෙන් සමාව අරගෙන අයින් වෙන්න මම ලැහැස්තියි. හැබැයි මම කරපු වරද ප්‍රසිද්ධියේ කියල මට උත්තර අවස්ථාවක්දිල සංවාදයකටභාජනය කරලා. සමහර ඇමතිවරු හිතාගෙන ඉන්නවා අමාත්‍යංශය පවුලේ බුදලෙන් හම්බවෙච්ච එකක් නිසා ඒ ගොල්ල කියාන දේවල් කරන්න අපි බැඳිලා ඉන්නවා කියල. ඒ කාලේ ගියා. අපි උත්තර දෙන්න ඕන මහජනතාවට.

ඇමති කෙනෙකුට අමාත්‍යංශය තියන අයිතියම තමයි පාරේ ඉන්න හිගාන්නටත් තියෙන්නේ කියන එක ඔවුන් තේරුම්ගත යුතුයි. නැතිනම් අපිට මහජනතාව විදියට තේරුම් කරලා දෙන්න වෙනවා.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top