ඔයා ගාව හරි සුවඳයි..” සිසුවා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්..!

images

හොරණ අධයාපන කලාපයේ පාසලක ගුරුවරියක්, 15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළයි රිමාන්ඩ් කර තිබේ. එනම්,මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 42 තිදුරු මවකි. අතවරයට පත් සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි.

සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි කිය කියයි.

පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇති අතර ඇය නොදැක්කා සේ නිවස තුලට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

ඇය ගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ” සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ”” ඔයා ගාව හරි සුවඳයි” ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැක තිබූ බව පොලිසිය කියයි. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top