ක්‍රිකට් ආයතනය සතුව නවසීලන්ත ක්‍රිකට් ආයතනයටත් වඩා සල්ලි තියෙනවා..!  සභාපති ෂම්මි සිල්වා

Untitled 1

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුවා නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපරිම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් හිමිි වුනු ඇති බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 40ක පමණ සංචිතයක් ඇති බවත් එම සංචිතය නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ඇති මුදල් සංචිතයට වඩා වැඩි බවත් ඔහු කියා සිටියේ.

අද(15) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ ෂම්මි සිල්වා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙස සැවො ම නෙත් යොමා සිටින්නේ මෙම මුදල් කන්දරාව සම්බන්ධයෙන් බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආසියානු කුසලාන කුසලානය ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිගට ගෙනයාම හරහා ක්‍රිකට් ආයතනයට විශාල ලාභයක් හිමි වූ බවයි.

යම් කිසි කෙනෙකු මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ ශ්‍රී ලංකාවට යම් කිසි පාඩුවක් වූ බව පවසන්නේ නම් ඔවුන් සමග ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට තමන් සූදානම් බව වැඩිදුරටත් කියා සිටියා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top