16 ක් එක්ක සිට හසුවූ ‘සංක සර්‘ සූම් එකිනුත් අතවර කරලා – සිසුවියන් නිහඬයි…

sisuviyan dushanaya kala guruwaraya

පාසල් සිසුවියන් දහසය දෙනෙකුට පමණ ලිංගික අතවර කළ බව කියන සංක දිමන්ත නමැති උපකාරක පන්ති ගුරුවරයෙක් කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය.
 කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඔහු විවාහකයෙකු විය.
6,7,8,9,10 හා 11 ශ්‍රේණි සඳහා ගණිතය විෂය ඉගැන්වීම් කළ ඔහු ‘සංක සර්‘ නමින් ප්‍රකටව සිටියේය. ඔහු කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති බහු කන්ඩායම් ලෙස මෙන්ම කුඩා කණ්ඩායම් ලෙස පවත්වා ඇතිඅතර මෑත කාලයේ සූම් ඇප් ඔස්සේ අන්තර්ජාලයෙන්ද පන්ති පවත්වමින් සිටි අයෙකි.
ඔහු බාලවයස්කාරයින්ට අතවර කළ බව හෙළි වන්නේ ඒ එකදු සිසුවියක හෝ කළ පැමිණිල්ලක් අනුව නොවීම විශේෂිතය.
ඔහු එම අතවරයන් සිදුකර ඇතැම් අවස්ථාවල ඒවා වීඩියෝවට නගාගෙන ඇති අතර තමන්ගේ ලැප්ටොප් පරිගණකයේ එම වීඩියෝ කොටස් රඳවාගෙන වරින්වර නරඹමින් සැහැසි විනෝදයක් ලබමින් සිටි අයෙකි.

ඔහුගේ බිරියට ඇතිවූ සැකයක් මත ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේදී විවිධ විදේශ නිල් චිත්‍රපට ජවනිකා සහිත ෆයිල් රාශියක් සමග එක් ෆොල්ඩරයක ඔහු විසින් සිදු කළ අතවර කිරීම් ඇතුළත් වීඩියෝ හඳුනාගන්නට ලැබී තිබේ. ඒවා විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර සිරුරු පරීක්ෂා කර සිරුරු වල වෙනස්කම් අනුව සැලකීමේදී 16 දෙනෙකු පමණ ඒවායේ සිටින බවට බිරියට හඳුනාගන්නට ලැබී තිබේ.
සැකකාර ගුරුවරයා අනියම් සම්බන්ධතා පවත්වන බවට ඔහුගේ බිරිය කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කරන්නේ ඉන් පසුවයි. ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරික්ෂා කිරිමේදී දැරියන් අපයෝජනයට ලක් කරන වීඩියෝ දර්ශන එහි ගබඩා කර තිබෙනු දැක ඒ පිළිබඳව දෙමවුපියන් දැනුවත් කර ඇති බවත් වාර්තා විය.
සැකකරු පටිගත කළ දර්ශන අනුව ලිංගික අතවර කිරිම් 16ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒවා නිරීක්ෂණය කර අගතියට පත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවත් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි.

කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පන්ති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන  සිදුකරන බවද පොලිසිය කියයි.

නිවෙස්වලට යාමට ප්‍රවාහන පහසුකම් නොමැති අවස්ථාවලදී සැකකරු දැරියන් නිවෙස්වලට ඇරලවන මුවාවෙන් සිය මෝටර් රථයෙන් කැටුව ගොස් පාළු පෙදෙස්වලදී මෝටර් රථයේ තබාගෙන ඔවුන්ට අතවර කර ඇති බවද පොලිසිය කියයි. මීට අමතරව සුම් තාක්ෂණය ඔස්සේද දැරියන්ට ලිංගික අතවර කර ඇති බව පොලිසිය පොලිසිය පරික්ෂණවලදී  අනාවරණය කරගෙන ඇත.

උපකාරක පන්ති ගුරුවරයාගෙන්  අගතියටපත් දැරියන් මෙන්ම දෙමවුපියන්ද  ඉදිරිපත්වීමේ මැලිකමක් දක්නට ලැබෙන බවත් එවැනි දැරියන් වෙත් නම් කළුතර උතුර පොලිසිය අසල පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට පැමිණිලි කළ හැකි බවත් පොලිසිය කියයි. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top