කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට කැසිනෝ නීති බලාත්මක කරයි…

Untitled 1 1

කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට සහ නියාමනය කිරීමට මෙන්ම සුදුසුකම් ලබන නව තරඟකරුවන්ට ක්‍රියාත්මක වීම සඳහා බලපත්‍ර ලබාදීම අරමුණු කරගනිමින් රජය විසින් නව නීති ගැසට් කර තිබෙනවා….

2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එම පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට අදාළ පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැති බවයි සඳහන් වන්නේ.

එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී ඇති බවද, එවැනි ව්‍යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් අදාළ සංශෝධිත නීති ගැසට් කර ඇති බවද වාර්තා වනවා.

WhatsApp Image 2022 09 16 at 10.48.30
WhatsApp Image 2022 09 16 at 10.48.31
WhatsApp Image 2022 09 16 at 10.48.31 1
WhatsApp Image 2022 09 16 at 10.48.32
WhatsApp Image 2022 09 16 at 10.48.32 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top