ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

download 1

ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

“අපිට පිරිසක් මේ ක්ෂේත්‍රයට ගේන්න ඕනේ, අවසන් වතාවට මේ විභාගය තියලා ගන්නේ. ඉන් පස්සේ අපි ගුරු වෘත්තියට බඳවා ගන්නේ, පීඨ 19 එකතු කරලා නිර්මාණය කරනවා National University of Education එකක්. මේකේ අවුරුදු 4ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පස්සේ තමා පන්තියට යවන්නේ. ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4කට පසුව.”

දෙසැම්බර් මාසයේ මැද භාගයේ දී දිප ව්‍යාප්ත මට්ටමින් පොදු විභාගයක් පවත්වා දැනට රාජ්‍ය සේවයේ සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට පෙර පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගුරුවරු 26,000ක් බඳවාගැනීමට කටයුතු කරන බවය.

පොදු විභාගයේ ලකුණු සහ ව්‍යූහගත සම්මුඛ සාකච්ඡා මඟින් අදාළ බඳවාගැනීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top