පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.!

easter bomb

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම්ගේ බිරිඳ ෆාතිමා හාදියා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දුන් සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු දක්වන්න දැනුම් දෙයි.

එම සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු එළඹෙන 2023 ජනවාරි මස 05වැනිදා දක්වන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පාර්ලිමේන්තු නිලධාරීන්ට දැනුම්දී ඇත.

සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, ගපූර් මාමා සහ නවුෆර් මවුලවි යන පුද්ගලයන් පාස්කු කොමිසමට දුන් සාක්‍ෂිවල සහතික පිටපත් මෙහිදී තොරතුරු පනත යටතේ ඉල්ලා ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top