පොලිසියට නඩු – කඳුළු ගෑස් පිලිබද

පොලිසියට නඩු - කඳුළු ගෑස් පිලිබද

උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ලකළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම , කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන , තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා ඇතුළු තොරතුරු මහජන වැදගත්කමක් සහිත තොරතුරු බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තීන්දු කලේය. එම තොරතුරු නොවැම්බර් 14 පෙර මුදාහරින ලෙස කොමිෂන් සභාව , ශ්‍රී ලංකා පොලිසියට නියෝග කළේය.

අදාල තොරතුරු මුදා හැරීම නොවැම්බර් 14 වැනිදාට පෙර , ශ්‍රී ලංකා පොලිසිය අපහොසත් වන්නේ නම් තොරතුරු පනතේ 39 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා පොලිසියට සහ එහි අදාල නිලධාරීන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට අයිතිවාසිකම පිළිබඳකොමිසම තීන්දු කළේය.

මාස දෙකකට ආසන්න කාලයක් පුරා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව මෙම අභියාචනය විභාග කළ අතර ,එය සමාජය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඉදිරිපත් කල තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකට අදාල අභියාචනයක් විභාග කර තීන්දුව ලබා දුන්නේය.

2022 මාර්තු 21 සිට 2022 ජූලි 17 වැනිදා තෙක් එක් එක් අවස්ථාවලදී පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රමාණ සහ ඊට අදාල ලේඛනවල සහතික පිටපත් ඉල්ලා ඇතත් පොලිසිය එම තොරතුරු ලබාදීම ජාතික ආරක්ෂාව යටතේ ප්‍රතික්ෂේප කර ඇති බවත් , මෙම තොරතුරු ඉදිරිපත් කිරීම මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරය පොලිසිය සිය ලිඛිත දේශන මගින් පැහැදිලි කර නොමැති බවත්, මෙම මහජන උන්නතියට අදාල කරුණක් බැවින් එම තොරතුරුද මුදා හරිය යුතු තොරතුරක් බවත් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.

එක් එක් අවස්ථාවලදී එල්ල කරන ලද කඳුළු ගෑස් මිලදී ගත් වසරවල් වෙන් වශයෙන් ලබා දෙන ලෙස මාධ්‍යවේදියා ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා ඇතත්, අධිකරණයේ නඩු පවතින බව කියමින් පොලිසිය එම තොරතුරු ලබා දී නැත. මේ සම්බන්ධයෙන් සඳහන් කරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අවධාරණය කර ඇත්තේ මෙම තොරතුරුවලට අදාලව ඇති නඩු මොනවාද යන්න ගැන පොලිසිය කරුණු ඉදිරිපත් කර නැති බවයි. ඒ අනුව එම තොරතුරද ලබා දිය යුතු බව කොමිසම අවධාරණය කරන ලදී..

294677083 592761078880181 7551666452425356435 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top