Spa Life”මෙහෙ බෝඩිම් කාමරයක් දහයකටවත් ගන්න බෑ. ඒ නිසා අපේ සමහරුන් දැන් ඩීල් කරන අය එක්ක එකට ඉන්නවා. ඒ සමහර කොල්ලෝ ජොබ් කරනවා. කොළඹ රැකියා කරන සල්ලාල තරුණ ජිවිත 2023

spa

වෛර්ණ ඩිස්කො ලයිට් මැද ඔවුන්ගේ ජීවිත විකිණේ. එම ජීවිතවල මෙතෙක් හෙළි නොවූ පැතිකඩක් අප ඉකුත් සතියේ පාඨක ඔබ හමුවේ තැබුවේ අළුයට ගිනි සේ සැඟවී තිබෙන සමාජ ප්‍රශ්නයක් ගෙන හැර පාමිනි. රටේ ආර්ථික පරිහානියේ, විරැකියාවේ අඳුරු තැන් එහිදී අපට ස්පර්ශ කිරීමට හැකි වුණා. සල්ලි සොයා ‘පිරිමීඩ’ ජාවාරම්වලට ගොදුරු වූ බහුතරයක් තාරුණ්‍යයේ කතාවක් එසේ ඉකුත් සතියේ අකුරු කොට හමාර වූයේ ‘ස්පා’ spa සංස්කෘතියේ තවත් ඔබ නොදුටු පැතිකඩ ඔබ හමුවේ තබන බවට පොරොන්දු වෙමින්.

1519 22

ඒ පොරොන්දුව ඉටු කිරීම සඳහා අංක 174 බස් මාර්ගයේ නොඑසේ නම් අපේ කතානායිකාව Spa girl සිටිනා බිමේ ඇවිද යන්නට ලියුම්කරුට සිදුවූ අතර මේ ඇතැම් දවස් වැහි කුණාටු සහිත වුණා. වැහි හීතලට උණුසුම් වෙන්න සල්ලාලයෝ මේ නගරයට බුරුතු පිටින් එනවා අදත් සීතල රාත්‍රියක් සර් කාවද බැලුවේ…” “සර් බෙඩ් එකයි මෙට්‍රස් එකයි තියෙනවා…” කළමනාකරු සිය පහසුකම් ගැන විස්තර කළේය.

අවුරුදු දහඅටේ සිට ඉහළට තරුණියන් එහි සෝෆාහි වාඩි කර සිටි අතර මෙතනත් “ෆුල් සර්විස්” සහිත තැනක්. මෙම රස්තියාදුවේදී සිතේ ඇතිවුණේ මෙරට තුළ “ගණිකා වෘත්තිය” නීතිගත කර ඇතිද යන සැකයයි. ඒ තරමටම මෙය සිදුවන්නේ ප්‍රසිද්ධ රහසක් විලසින් සම්බාහන මධ්‍යස්ථාන සඳහා ඇතුළුවීමට 1500කක් වූ අතර ඉතිරි සේවා කැමැති ලෙස ලබා ගත හැකිය.

“සර්… දෙන්නෙක් ගන්න මෙට්‍රස් එකක් දෙන්නම්”. කළමනාකරු කීවේ මෑතකදී කරළියට ආ එක්තරා සිද්ධියක්ද සිහිපත් කරවමින්. “සර් දෙන්නම ගන්නවා නම් දහයක් දෙන්න. නැති නම් එක්කෙනෙක්ට නම් හයයි…”කළමනාකරු හොඳ අලෙවි කළමනාකරුවකු බව මට සිතුණා. “හැබැයි සර් පැයයි දෙන්නේ. සර්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.

”කළමනාකරු සිනාවක් පෑවේය. කෙල්ලන්ද එය ඇසී සිනාසුණා. “සර්, මෙයා “ෆුල්” එකට නෑ. අනිත් ඕන කෙනෙක් ඉන්නවා. අපේ තව දෙන්නෙක් බිසී.”මෙවැනි ‘ස්පා’වල සිය පතිවත සම්පූර්ණයෙන් “මොනර කොළවලට” පූජා නොකරන ළඳුන් සිටියා. “මහත්තයා, මේ ‘ස්පාවලට’ spa එන කෙල්ලෝ දෙවර්ගයක් ඉන්නවා. එක් වර්ගයක් තමයි සල්ලි හොයාගන්න එන අය.

ඉන් ගොඩදෙනෙක් පවුල් ප්‍රශ්න තියෙන අය. තවත් කට්ටියක් ඉන්නවා මේක ‘ආතල් එකට’ කරන අය. ඒ කෙල්ලන්ට ‘ටිප්’ එකෙන් ඇති වැඩක් නෑ. ඒ කෙල්ලන් ගොඩදෙනෙක් අයිස් හරි මොනව හරි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා ඉන්නේ. උන් නිසා අපටත් මේ ‘ස්පා’ රස්සාව එපා වෙලා තියෙන්නෙ මහත්තයා”මෙම ගමනේදී ලියුම්කරුට හමුවූ කළමනාකරුවකු කීවේ මෙහි ඇති තවත් සමාජ ව්‍යසනයක ඉඟියක් දෙමිනි. එම ඉඟිය අප ලුහුබැන්දේය.

අයිස් ගහන කෙල්ලන් සොයා අපි විමසිලිමත් වුණා. “මේ පැත්තෙත් ‘ස්පාවල’ spa දැන් වැඩි හරියක් කෙල්ලෝ අයිස් ගහනවා. උන් වැඩි හරියක් ‘ස්පාවල’ විතරක් නෙමේ එළියටත් යනවා. උන් ‘ඩීල්’ කරන්න වෙනම ‘සෙට්’ එකක් ඉන්නවා.

මොකද මම වුණත් අයිස් ගහන්නේ නෑ.” හිටපු ආරක්‍ෂක අංශ සෙබළකු වූ සම්බාහන මධ්‍යස්ථාන කළමනාකරු සිය කතාව ඇරැඹුවා ඔහු විශ්‍රාම ගොස් දරුවන් දෙදෙනකු සිටින පවුලක් නඩත්තු කිරීම  සඳහා වසර දෙකක සිට මෙම කළමනාකාර රැකියාවෙහි නිරත වුණා. “අපි ඔය කෙල්ලන්ට ‘අයිස්’ ගහන්න පුරුදු කරලා නෑ. උන් එළියෙන් ඔය ‘ජරාව‘ ගහන්න පුරුදු වෙලා එනවා. මොකද උන්ව ‘ඩීල්’ කරන ගොඩදෙනෙක් ‘අයිස්කාරයෝ’.

ඉතින් මේ කෙල්ලොත් උන්ට සෙට් වෙනවා. පස්සේ උන් හරහා එන කොල්ලොත් ‘අයිස්’ ගහනවා. කාමරේට ගිහින් උන් මුලින්ම කරන්නේ අයිස් ගහන එක. දැන් මුන්ට මේක නතර කරගන්න බෑ. දවසකට තුන් හාරදාහක ‘අයිස් කෑලි‘ මුන් සල්ලි දීලා ගන්නවා” කෙල්ලෝ පිරිසක් මැදිව සිටි කළමනාකරු පාළුව මකමින් කතාව පටන් ගත්තේ හොඳට දැන හඳුනන ලෙසින් රජයේ විශ්‍රාම වැටුපක්ද හිමි ඔහු මෙම 174 බස් මාර්ගයේ ‘ස්පා’ spa කිහිපයකම කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියා “අපේ දරුවෝ වගේ උන් සර්.

photo1jpg

මේ වැඩට එන්නේ. මේ මෑතක ඉඳලා මෙහේ අඩියෙන් අඩිය ‘ස්පා’ spa ඇරියා. ඒ නිසා මේ ලයින් එකේ බිස්නස් වැඩියි. ලංකාවේ වටෙන්ම එක එක වයසේ කෙල්ලෝ මෙහෙට එනවා.”ඔහුගේ කතාව පාපෝච්චාරණයක් වන අතර “සර්, පොඩ්ඩක් ඉන්න කස්ටමර් කෙනෙක් ඇවිත්.”ඔහු ගිය පයින්ම නැවත පැමිණියා. ‘ස්පා’ රැකියාවේ නියැළෙන කළමනාකරුවකුට එවැනි පාරිභෝගිකයන් දැන් සාමාන්‍ය දෙයක් වී තිබුණා “දැන් සර් දිගමට ‘ස්පා’ තියෙන නිසා ලේසියෙන් කෙල්ලෙක් ගන්න එන්නේ නෑ කවුරුත්.

හොඳට හැම තැනින්ම බලලා එන්නේ.” “දැන් මෙහේ කඩ සාප්පු වහලා ‘ස්පා’ spa අරිනවා. බිල්ඩින් අයිතිකරුවන්ට ඒක හොඳ ආදායමක් වෙලා තියෙන්නේ.”බත්තරමුල්ල, පැලවත්ත සිට පන්නිපිටිය ගුවන් පාලම දක්වා මාර්ගයේ පමණක් ඔබ ගමන් කළහොත් මේ බව ඔබට වැටහෙයි මේ පළාතේ ගෙයක්, ගොඩනැඟිල්ලක් සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ලබාදෙන්නේ නම් එහි මාසික කුලිය දෙලක්‍ෂයකට අඩු නැත.

අඩු පහසුකම් සහිත කුඩා කඩ කෑල්ලක් වුවද අසූදහසක කුලියකට ලබාදිය හැකි වුණා ඒ නිසා මේ පළාතේ ඇතැම් නිවෙස් හිමියන් සිය නිවෙස් ‘ස්පා’වලට ලොකු ගාණකට දී ඔවුන් විසි තිස්දාහකට බෝඩිමක වාසය කරන කතාද මෙම ගමනේදී අපට ඇසුණි.කොහොමද අයියේ ඔයාලට ගෙවන්නේ. කුලුපග වූ ‘ස්පා’ spa කළමනාකරුගෙන් ලියුම්කරු විමසූ අතර හතළිස්දාහක් වගේ ගන්නවා. පඩියක් කතා කරගෙන තමයි අපි එන්නේ.

”පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය සේවයේ බහුතර දෙනා ගන්නා වැටුපක්. ‘ස්පා’ කළමනාකරුවන් මෙලෙස මාසිකව ලබන්නේ අමතර සන්තෝසම් මුදල්ද සමඟිනි. සන්තෝසම් මුදල් එක්ක ඇතැමුන් හැට හැත්තදාහක් සොයා ගනියි. “සර් කෙල්ලො දෙන්නෙක් Free වෙලා. එන්න සර් බලමු.”‘ස්පා ලියන්’ spa බැලීමට යන එම ගමනේ පොඩි අමුත්තක් දැනේ. ඩිස්කෝ ලයිට් මැදින්  විමසීම් කවුන්ටරය අසල වූ කාමරයකි.

දෙවියන් වැඩ සිටිනා ස්ථානයක් සේ එය දිස්වේ. රතු, නිල් වර්ණයන්ගෙන් එම කාමරය දිස්වේ. එහි වූ ‍ෙදාර රෙද්ද අසලට කළමනාකරු ලියුම්කරුව රැගෙන ගියේය.කළමනාකරු කාමර බිත්තියේ ගසා තිබූ සීනුව නාද කළේය. ඔහු කාමරයට එබුණා. “නිලූ ආවද” කළමනාකරු කෙල්ලන්ගෙන් විමසුවා “හරි සර්. අපේ පහක් මෙතැන ඉන්නවා.

එන්න සර්.” “සර්. කෙට්ටු කෙල්ලෙක් ඉන්නවා. 22යි. ෆුල් සර්විස්”ඇයගේ පැමිණීම අපේක්‍ෂාවෙන් ලියුම්කරු රැඳී සිටි අතර ඇය කිරි පැකට්ටුවක් පානය කරමින් සිටියාය.ලියුම්කරු ඇයව සොයා ආවේ ඇය අපගේ මාතෘකාවේ කෙනෙක් වූ නිසායි මේ නිලූගේ කතාවයි. “සර් මං වගේ කෙල්ලෝ දැන් ගොඩක් මේ වගේ ඉන්නවා. ගමේ ඉඳලා වැඩක් නෑ සර්. ඒකයි අපි කොළඹ ආවේ. බියගම කලාපයේ මුල්ම ජොබ් එක.

images 2

පස්සේ ඒ පැත්තේ ‘ස්පා’ spa එකක ‘පාර්ට් ටයිම්’ කළා. පස්සේ පත්තරේ ඇඩ් එක දැකලා මායි තව යාළුවෝ දෙන්නකුයි මෙහෙ ආවා. ඒ කෝල් කළ අයියා මුල් කාලයේ අපිව බම්බලපිටියේ ක්ලබ් එකකට දැම්මා. ඒ කාලේ නිදිමත එනවට තමයි අයිස් ගැහුවේ. දැන් දවසට අයිස් කෑල්ලක්වත් ගහන්න ඕනේ. ඒකට 2500ක් යනවා” මේ ඇය වත්මනේ මුහුණ දෙන ඛේදවාචකයයි.

ඇය සමඟ පැමිණි එක් මිතුරියක් දැන් සිටින්නේ පැලවත්තේ ත්‍රීවීල් අයියා කෙනෙක් සමඟ බව ඇය කීවාය. “මෙහේ බෝඩිම් ගණන්. කාමරයක් දහයකටවත් ගන්න බෑ. ඒ නිසා අපේ සමහරුන් දැන් ඩීල් කරන අය එක්ක එකට ඉන්නවා. ඒ සමහර කොල්ලෝ ජොබ් කරනවා. රෑට හයර් යනවා. ඉතින් උන් අපේ කෙල්ලන්ව තියාගෙන ඉන්නවා.”

මේ සමාජයේ තවත් ඛේදවාචකයකි. ‘තහනම් ගහේ ගෙඩි කමින්’ කොළඹ රැකියා දෙකක් පමණ කරමින් සල්ලාල ජීවිත ගත කරන තරුණ වියේ හා මැදි වයසේ පිරිමි සිය ලිංගික ආසාවන් මෙලෙස ‘ස්පා’ spa කෙල්ලන් සමඟ බෙදා ගනිති. මේ හරහා HIV ඇතුළු සමාජ රෝගයන් නිරතුරුව අත වනමින් සිටී. ‘අයිස්’ මත්ද්‍රව්‍ය ‘ස්පා’වල පමණක් නොව ගම් නගර සිසාරා පාසල් සිසු සිසුවියන්ද ආක්‍රමණය කරමින් සිටී.

ඒ ගැන පසුව ලියමි. මේ හා සමාන කතාවක් අපිට හමුවූයේ තලවතුගොඩම තවත් සම්බාහන මධ්‍යස්ථානයක් තුළදීය. ඇය සම්බාහන රැකියාව පටන් ගන්නේ කොරෝනා සමයෙන් පසුවයි. එක්දරු මවක් වන ඇයගේ ස්වාමියා ඇයව හැර ගොසිනි. “මං තැන් දහයකට වැඩි ගණනක දැනට වැඩ කරලා තියෙනවා. ‘ෆුල්’ තුන හතරක් කර ගත්තොත් කොහොමත් පහළොස්දහක් විසිදහක් හොයා ගන්න පුළුවන්.

දැන් නම් නයිට් එක කරලා ඩේ එකත් කරනවා” ඒ සෙනාලිගේ කතාවයක් වුණා “මුල් කාලේ තුන්දහක අයිස් කෑල්ලක් ගහනවා. දැන් කියලා වෙනසක් නෑ. සමහරදාට මේවට එන කොල්ලොත් අයිස් අරන් එනවා. උන් අපිව දන්නවා. ඒ නිසා ‘ටිප්’ එක වෙනුවට අයිස් කෑල්ලක් දෙන්නේ.” ඔවුනට අඩු තරමින් දිනකට අයිස් සඳහා පහළොස් දහසක්වත් වැය වේ. නමුත් නිදි වර්ජිත ඔවුන් එම මුදල ස්පා ආදායමෙන්ම සොයාගනු ලබයි.

189126616 118942857043903 7151679073769606924 n

“සර් සමහර කොල්ලෝ අයිස් ගැහුවම මරු. උන් අපිට පැයම ලව් කරනවා” සෙනාලි සිනහවක් දැම්මේ නිදි වර්ජිත රැයවල් කිහිපයක විඩාවට සමුදෙමිනි. “අයිස් ගහන කෙල්ලෝ අද හරියට කිරි පැකට් බොනවා. ජූස් බොනවා. නිතර අයිස් ගහන කෙල්ලන්ගේ “දිව පැළිලා” තියෙන්නේ. උන්ට ඒවට වෙනම වියදමක් යනවා” එසේ කීවේ කළමනාකරුවෙක්. “එන මිනිස්සු ගොඩ දෙනෙක් ඒ හැටි සල්ලිකාරයෝ නෙමේ.

මේ කෙල්ලන්ට සල්ලි දුන්නාම හෙට කන්නේ කොහොමද කියලා උන් කල්පනා කරනවා. ඒ නිසා මේ සල්ලි යා දෙන්නේ නෑ සර්” ‘ස්පා’ spa කෙල්ලන්ගේ ජීවිත නිකරුණේ මෙලෙස ගෙවන හැටි ඔහු අපට කීවේය. මෙවැනි කතා ‘ස්පා’ බොහොමයක් තුළින් ඇසේ. ස්පා සංස්කෘතිය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද ජයටම ක්‍රියාත්මක වෙයි.

ඒ අස්සේ අපගේ මතකයට එන්නේ ඉකුත් සතියේ අප ලියූ “පොලිසිය යැයි පවසමින් ස්පා කළමනාකරුවකුගේ ඔළුවට පිස්තෝලයක් තබා නොමිලේ ස්පා කෙල්ලෙක්ගේ තුරුලට පැමිණීමට ගත් උත්සාහය” පිළිබඳවයි.පොලිස් නිලධාරීන් යැයි කියමින් ඇතැම් අය නොමිලේ සත්කාර සඳහාම මේවාට ඇදෙයි. “දවසක් සර්… “හරක් කටාගේ” ගෝලයෙක් කියලා එකෙක් ආවා. හැබැයි සර් උන්ගෙන් වදයක් නෑ.

උන් සල්ලිවලට ඇඹරෙන්නේ නෑ. උන්ට ඕනේ හොඳ සර්විස් එකක්” ඒ ගමනේදී ස්පා කළමනාකරුවකු කී කතාවකි ඒ…පාතාලයද මෙම රජදහනේ එසේ සැරිසරයි. අපේ රටේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් ඇතුළු වෙබ් රැසක්ද මෙහි ගණිකා වෘත්තිය ජයට සිදු කරයි. මීට ටික කාලයකට ඉහතදී ‘බාලවයස්කාර’ දැරියක් සහචරයින් රැසකට අලෙවි කළ මෙම වෙබ් අඩවි ඇතුළු වෙබ් අඩවි කිහිපයක් තහනම් කළද වෙනත් මුහුණුවරකින් එම වෙබ් අඩවි නැවත කරළියට පැමිණ තිබේ.

එම වෙබ් අඩවිද කෙල්ලන් රැසක් අලෙවි කරන්නේ මෙම 174 ‘ස්පා’ මාර්ගයේ සම්බාහන මධ්‍යස්ථාන තුළය. ඒ විතරක් නොව, ප්‍රභූ පෙළැන්තියට සේවා ලබාදීම සඳහා වෙනම කෙල්ලන් මේ තුළ වෙයි. සම්බාහන ආයතනයෙන් පිට ඇති සුපිරි මහල් නිවාසවල ඒවා සිදුවෙයි. වේලාව රාත්‍රි 1ට පමණ විය.සම්බාහන මධ්‍යස්ථානයක විමසීම් කවුන්ටරය අසල පොඩි කලබලයකි. කෙල්ලන් හය හතක් වට කරගත් කොල්ලෙක් වෙයි. ඔහු අතෙහි වූ කුඩා පෙට්ටියක කෑම බීමය.

647310f097af6

බර්ගර් වර්ග, යෝගට්, කිරි පැකට්, බීම මෙන්ම උණු තේ කෝපිද ඒ කොල්ලා අතෙහි තිබෙන අතර කෙල්ලෝ කෙල්ලෝ කෙටි විරාමයකය. එකිනෙකා ඔවුන් ආසා කෑම රැගෙන නැවත සෝෆාවට ගියා රාත්‍රියේ කෙල්ලන්ගේ කුසගිනි පුරවන්න එලෙස එන කොල්ලෝද වෙති. එවැනි රැකියාද මේ සංස්කෘතිය තුළ ගොඩනැඟී තිබෙන අතර කුහුඹුවකුටවත් වරදක් නොකරන ‘වැරැදිකාර ළඳුන්ගේ’ ජීවිත කතාවක් මෙලෙස අප අකුරු කළේ සමාජ ඛේදවාචකයක්ද මෙලෙස ඔබ හමුවේ තබමින්. මේ ලියන ලියුම්කරු වූ මා ඉදිරියේ වූයේ පාළු මාර්ගයකි. නානා විධ සෙල්ලම් රැසකින් සැදුම්ලත් මෙම 174 බස් මාර්ගයට සමු දෙමින් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයකට මම ගොඩවුණා.



You Might Like-

Knowledge World Blog- WWW.KNOWLEDGEWORLD.BLOG

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity Sinhala News- WWW.CEYLEBRITYNEWS.LK

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top