පොලිසියේ සුපිරි අශ්වයින් 7ක් කන්න නෑතුව මියගිහින් | ඈත්ත විස්තරේ

පොලිසියේ සුපිරි අශ්වයින් 7ක් කන්න නෑතුව මියගිහින්

පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අධික වටිනාකමකින් යුත් අශ්වයින් 07දෙනෙකු ආහාර නොමැතිකම හේතුවෙන් මියගොස් ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම කොට්ඨාසය පවසයි.

අමෙරිකානු ඩොලර් මිලියන 35කට ආසන්න වටිනාකමකින් යුත් අශ්වයින් මෙලෙස මියගොස් ඇති බවට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදි පසුගිය මාස 3ක පමණ කාලය තුළ අශ්වයින් තිදෙනෙකු පමණක් මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වුණි.

එම අශ්වයින්ගෙන් දෙදෙනෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව එම කොට්ඨාසය සඳහන් කළේය.

කෙසේවෙතත් එක් අශ්වයෙකු පෝෂණ ගැටලුවක් හේතුවෙන් මියගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වේ.

මෙම අශ්වයින් සඳහා ලබාදෙන ඇතැම් ආහාර විදෙස් රටවලින් ආනයනය කරන අතර පසුගිය කාලසීමාව තුළ මතුව තිබු ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම ආහාර මෙරටට ආනයනය කර නොමැති බව වාර්තා වේ.

කෙසේවෙතත් එම ආහාර නොමැති වුවද අශ්වයින් ඉතා ශක්තිමත්ව කාලය ගත කළ බව පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේය.

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity English News And Blog Articles Website – Ceylebrity News

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top