බුදුහාමුදුරුවොත් කංසා පාවිච්චි කළා..! – ඩයනා

fdh

කාදිනල් මැල්කම් රංජිත් පවසන පරිදි තමන් පරංගියෙකු නොවන බවත්, තමා හොඳ බෞද්ධ කුල කාන්තාවක් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

ඒ, පසුගියදා කාදිනල්තුමා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

රට තුළ කංසා නීතිගත කිරීම, නයිට් ලයිෆ් කැසිනෝ සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ තමන් පමණක් වන හෙයින්, එදා පරංගියා යැයි කාදිනල් හිමියන් නොකියා පැවසුවේ තමන් ගැන බවයි ඩයනා ගමගේ පවසන්නේ.

කවුරුන් හෝ කාදිනල් හිමියන් නොමග යවා ඇති බව පැවසු රාජ්‍ය ඇමතිවරිය, මෙරට තුළට කතෝලික දහම පවා ගෙනාවේ පරංගීන් බැවින් එසේ ආගම ගෙන ආ පරංගින් කාදිනල් හිමියන්ට හොඳ නොවුණේ මන්දැයි විමසා සිටිනවා.

තවද, කංසා වලින් මෙරට බුදු දහමට කිසිම හානියක් නොවන බවත් බුදුරජාණන් වහන්සේ පවා කංසා ඖෂධයක් ලෙසින් භාවිතා කර ඇති බවත් ඇය අවධාරණය කරනවා.

මේ හේතුවෙන් කංසා කතාවට විරෝධය පාමින් කාදිනල් උන්වහන්සේ මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ කාගේ හෝ කියමනකට නොමග ගොස් බවත් තමන් පරංගියෙකු නොවන බවත්, සිය පරපුරේ පණ්ඩිත හාමුදුරුවරුන් ද සිටින බවත් ඇය කියා සිටිනවා.

එබැවින් ආගමික නායකයින් ආගම්වල වැඩකටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් වඩාත් සුදුසු බවත්, තමන්ගේ පැහැදිලි කිරීම් නොතේරෙන්නේ නම්, පැමිණ හෝ ඒ බව විග්‍රහ කරදීමට තමන් සූදානම් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top