පොහොට්ටුවෙන් නාම යෝජනා දුන් විදුහල්පතිගේ වැඩ තහනම්

principle pohottu

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර මහ නගර සභාව සඳහා තරග වැදීමට නාම යෝජනා භාරදුන් අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය තහනම් කර තිබෙනවා. ඒ, උතුරු මැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්.

සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් තොරව පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම හේතුවෙන් අදාළ විදුහල්පතිවරයාගේ සේවය තහනම් කර ඇති බවයි Ceylebrity නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මැතිවරණ නීතිය යටතේ මැතිවරණය සදහා රජයේ සේවයේ නියුතු මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරියකු ජන්ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් නාම යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රථම ඔහු සේවයෙන් ඉවත් විය යුතු වනවා. එහෙත් මෙම විදුහල්පතිවරයා සිය තනතුරෙන් ඉවත් නොවි නාමයෝජනා භාර දී ඇති බවට ඉකුත් 08 වනදා අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ පැමිණිල්ල විභාග කිරිමෙන් අනතුරුව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි Ceylebrity නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top