ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර 2කට අත්හිටුවන්න චීනයෙන් සහතිකයක්…

srilanka china

ජනතාව ගැන නොතකා ගත් තීරණවලින් ඇතිවූ ආර්ථීක අර්බුධයෙන් ඇද වැටුනු රට දැන් ජාත්‍යන්තර භූදේශපාලනයේ ගොදුරක් බවට පත්වෙමින් ඇති බව විද්වතුන් පෙන්වා දෙන කරුණකි.

ඇතිවූ ආර්ථික අසරණකම නිසා දැන් අපි රට රටවලින් ආධාර උපකාර යදින තත්ත්වයට පත්වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළට අදාලව ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටි ණය සහන සහතිකයට චීනය ඊයේ ප්‍රතිචාර දක්වා ඇති බව සන්ඩේටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

චීනය පවසන්නේ ශ්‍රී ලංකාව එරටින් ලබාගෙන ඇති ණය නැවත පියවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබාදීම කෙටි කාලීන පිළියමක් ලෙස යෝජනා කරන බවත්, ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති අනෙක් පාර්ශවයන් එකතු වී කෙටි කාලීන හා දිගු කාලීන ණය සහතිකයක් ලබා දිය යුතු බවය.

ඊට අනුව චිනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට රැගෙන යන ලෙස යෝජනා කර තිබේ.

මෙය ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබිය යුතු අවසන් ණය සහතිකයද ?

අදහස් දැක්වූ ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී
 දනනාත් ප්‍රනාන්දු මහතා,

“මේක අවසාන එකද එහෙමත් නැතිනම් එතනින් එහාට තවත් අපිට කේවල් කිරීමක් කරන්න අවශ්‍ය ද කියලා අපිට තාම තීරණයය කර ගන්න අමාරුයි. අවසාන ලිපිය සහ ශ්‍රී ලංකාව සහ චීනය රජයේ අතර ඒ තියෙන එකඟතාව  අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මම හිතන්නේ අනිවාර්යෙන්ම අපිට අවශ්‍යනම් යම්තාක්දුරකට කේවල් කිරීමට හැකියාවක් තියෙනවා.”

චීනයෙන් ලබා දී ඇති වසර දෙකක ණය සහන කාලය ප්‍රමාණවත්ද ?

අදහස් දැක්වූ ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී
දනනාත් ප්‍රනාන්දු මහතා,

“මේ ලිපිය සත්‍ය නම් වසර දෙකක කාලයක් ප්‍රමාණවත්ද කියන එක අපිට බලන්න වෙන්නේ අන්තර ජාතික මූල්‍ය අරමුදලේ හැදැරීමක් තියෙනවා ණය ස්ථාවර භාවය පිළිබඳව. ඒකට අනුකූලව තමයි අපිට බලාගන්න වෙන්නේ මේ තරම ප්‍රමාණවත්ද කියලා. බැලූ බැල්මට නම් මට පෙන්නේ මේක ප්‍රමාණවත් මදි”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top