ගැබිනිය ශ්‍රී පාදයේ ඉදිකටුපහනේ දී බිළිඳියක් බිහිකරයි

sripadaya

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි එක්දරු මවක් සිය දෙවැනි බිළිඳිය ශ්‍රී පාද ඉදිකටු පහනේ දී බිහිකර තිබේ.

ගත වු දෙදින තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ තිබුණි.

එම පිරිස අතර සිටි රත්නපුර මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක් ශ්‍රී පාද උඩ මළුව දක්වා කරුණා කිරීමට ඉදිකටු පහන ප්‍රදේශයේ දිගු වේලාවක් නතර වී සිටිය දී ඊයේ (11) රාත්‍රි 7.30ට පමණ ශ්‍රී පාද මාර්ගයේදීම දෙවනි දරු ප්‍රසුතිය සිදුකර ඇති බව වාර්තා වේ.

දරු ප්‍රසූතිය සිදුකළ මව සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවන් පිරිසක් සහ වෙනත් ප්‍රදේශවලින් වන්දනාවේ පැමිණ සිටි කාන්තාවන් පිරිසක් විසින් ඇයට දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිකටු පහන පොලිස් මුරපොළේ නිලධාරින් විසින් නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ව දැනුවත් කර තිබේ.

පසුව වහාම ක්‍රියාත්මක වු ස්ථානාධිපතිවරයා ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ, ශ්‍රී පාද උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ගේ සහ ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ගේ සහාය මත දරු ප්‍රසුතිය සිදුකළ කාන්තාව සහ සිඟිත්තිය ආධාරක ඇදන් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන එන ලෙසය.

එම අතරතුර සුවසැරිය ගිලන් රථයක් නල්ලතන්නිය වෙත කැඳවා තිබු පොලිස් ස්ථානාධිපතිවරයා මව සහ දරුවා ගිලන් රථයට නංවා දික්ඔය මුලික රෝහලට යොමු කර ඇත.

මේ වනවිට මව සහ අලුත උපන් සිඟිත්තිය නිරෝගිව දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.

අදාළ සිදුවීමට මුහුණදුන් මවගේ ඥාතීන් විසින් පොලීසිය දැක්වූ සහයෝගයට බොහෝ සේ ස්තූතිය පළ කළහ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top