මාර්ග නීති කැඩුවොත් රියදුරු බලපත්‍රය අත්හිටුවයි..වැරදි අනුව ලකුණු ක්‍රමයක්..එම වැරදි මෙන්න.

Polish 20221028 115044227

අවුරුදු අටක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ රියැදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ (2023) ජනවාරි සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28දා) ප්‍රකාශ කළා.

ඒ අනුව රිය පැදවීමේදී සිදුවන වැරදි 32ක් සම්බන්ධයෙන් ලකුණු කැපීම සිදුවන බවත්, ලකුණු 24ක් කැපී ගියහොත් එම රියැදුරුගේ රියැදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවන බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

මේ අතර බලපත්‍රය ලබා ගැනීමට පෙර පරිවාස කාලයේදී යම් රියැදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියැදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මාර්ග අනතුරකින් පසුව වාහනය නතර නොකර පලා ගියහොත් ලකුණු 10ක් කැපෙන අතර පැයට කිලෝමීටර 150ට වැඩි වේගයෙන් රිය පැදවුවහොත් ලකුණු 8ක් කපා හැරෙන බවද, අධික වේගය සහ මාර්ග යෝග්‍යතා නොමැතිව අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් ලකුණු 6ක් කැපෙන බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මේ අතර මත්පැන්වලට අමතරව හෙරොයින් සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නේදැයි සොයා බැලීමට හැකි පරීක්ෂණ ලබන වසරේ සිට ආරම්භ කරන බවද වාහන වැඩි වුවද මෙරට රිය අනතුරුවල විශාල වැඩිවීමක් වී නැතැයිද හෙතෙම පැවසීය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top