රූමත් විදෙස්  තරුණියට 13 ක් එක්ව අතවර කරන අතරතුර ලාංකික පෙම්වතා කල දේ…

විදෙස් රූමත් තරුණිය

යාපනය කාරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණි ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කළ බීමත් තරුනයන් 13 දෙනකු , කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඈත.

සැකකරුවන් කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාර නියෝග කර ඇත.

මෙරට සංචාරයේ නිරත වූ විදෙස් තරුණිය පසුගිය 22 වැනිදා යතුරුපැදියකින් සිය ලාංකික පෙම්වතා සමගින් ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණ ඇත. ප්‍රදීපාගාරයට යාබද වන ප්‍රදේශයක , තණ භූමියක තරුණයන් පිරිසක් මත්පැන් පානය කර සිටියේ ඒ අතර සිටි එක් තරුණයකුගේ උපන්දිනයක් සමරමිනි. ඒ තරුණයන් රූමත් ස්පාඤ්ඤ තරුණිය දැක ඇයගේ පෙම්වතා තල්ලු කර තර්ජනය කරමින් තරුණියට අතවර කර ඇත.

එම සල්ලාලයන් සමගින් පොරබදිමින් පෙම්වතිය බේරාගත් තරුණයා , පෙම්වතිය යතුරුපැදියේ නංවාගනිමින් , කාරෙයිනගර් පොලිස් මුරපොළ වෙත ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක් සිදුකර ඇත. මේ අනුව, කාරෙයිනගර් පොලිස් මුරපොළේ නිලධාරීන් කයිට්ස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විදානපතිරණ මහතා දැනුවත් කර ඈති අතර කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය පැයක් ගතවීමට මත්තෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top