ලබන මාසය ගැන මහබැංකු අධිපතිගෙන් තීරණාක්මක විශේෂ දැනුම් දීමක්..

Nandalal

ශ්‍රී ලංකාවට දෙසැම්බරයේ දී අයි.එම්.එෆ්. ඉලක්කය අතපසු වුවත්, ඒ සඳහා ජනවාරි මාසය සම්බන්ධයෙන් ද විශ්වාසයක්, බලාපොරොත්තුවක් තබාගත හැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

එසේ වුවහොත් අමරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත හැකි බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ.

රටේ ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පෙරමුණේ තබා ගනිමින් මෙම ආර්ථික ක්‍රියාදාමය සිදු කළ යුතු බවයි මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.

තවද, හෙතෙම පසුගිය දින කිහිපයේ දී වාර්තා වූ ඇතැම් මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, දෙසැම්බර් ඉලක්කය මග හැරුණහොත්, ශ්‍රී ලංකාවට මාර්තු දක්වා අයි.එම්.එෆ්. සහාය සක්‍රීය මට්ටමින් ළඟා කරගත නොහැකි බවට පළ වූ වාර්තා අසත්‍ය බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සතියකට අවම වශයෙන් දින තුනක්වත් පැවැත්වෙන බවත්, ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ බොහෝ කරුණු ඇතුළත් බවත්, ඒ අනුව දෙසැම්බර් ඉලක්කය මග හැරීම විශාල දෙයක් නොවන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.

සැප්තැම්බර් මස ණය හිමියන්ට ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීමක දී, ශ්‍රී ලංකා බලධාරීන් විසින් සකස් කරන ලද කාලසටහන් පෙන්නුම් කළේ, මූල්‍ය සහතික ලබා ගැනීමෙන් පසු සැප්තැම්බර් මස මුල දී දෙසැම්බර් මැද හෝ 2023 ජනවාරි මස මුල දී එළඹෙන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා IMF මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ඔවුන් අපේක්ෂා කරන බවයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top