රත්තනපිටිය තෙමහල් බිල්ඩිමේ සම්බාහනයට මුවාවී ප්‍රභූන්ට ගෑනු විකුණලා

prostitute srilanka

බොරලැස්ගමුව, රත්තනපිටිය ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන්සිදුකරගත යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් 16 වන දින වටලා එහි රැඳී සිටි සුරූපී කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. මෙම ස්ථානය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස නාමපුවරු පවා සවිකර තිබුණත් එහි කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකු නොසිටි බවත් පොලිසිය කියයි.අත්අඩංගුවට පත් කාන්තාවන් මීගහතැන්න, පානදුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 37 ක්ද වන අතර, මෙම දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනවල ඉහළ රැකියා කරන බව නිවෙස්වලට පවසා මෙහි පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙමින් ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයිද පොලිසිය කියයි.

ප්‍රදේශයේ දේශපාලන අධිකාරියෙන් හා සිවිල් සමාජ සංවිධාන මගින්ද නිතර පොලිසිය වෙත ලද රහසිගත තොරතුරුවලට අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් උපායදූතයකු යොදවා ආයුර්වේද සම්භාහනයට ඇතුළුවී මෙම වැටලීම සිදු කර තිබේ. මෙම ස්ථානයට ආයුර්වේද සම්බාහන ලබා ගැනීමට කියා පැමිණෙන ඉහළ ප්‍රභූ හා ව්‍යාපාරික පිරිස් වෙත සුරූපී කාන්තාවන් රුපියල් පන්දහසේ සිට පහළොස් දහස දක්වා විවිධ මිල ගණන් වලට අලෙවි කරමින් විශාල වශයෙන් මුදල් සොයා ගෙන ඇති බව හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.  බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීහු වැටලීම කළහ.

එච්.එම්. ධර්මපාල

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top