සමූප ඡන්දෙන් ඇමති සනත් නිශාන්තට ඇපත් නෑ

sanath nishantha

ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අන්ත පරාජයකට පත් වී ඇත.

ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර ඡන්ද විමසීම පෙරේදා (17) පැවැති අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයට සභිකයන් 9 දෙනෙකු තෝරාපත්කර ගත් අතර රාජ්‍ය ඇමැතිවරයාට හිමිව තිබුණේ 11 වැනි ස්ථානය වීම විශේෂත්වයකි.

තේරීපත් වූ සභිකයන් 9 දෙනා අතරින් 6 දෙනකුම ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෝ වෙති.

රාජ්‍ය ඇමැතිවරයා අන්තපරාජයකට පත්වීමත් සමඟ එහි රැස්ව සිටි ජනතාව ඔහු ඉදිරිපිටදීම හූ කියමින් කෑකෝ ගසමින් විරෝධය පළ කළහ.

තවත් පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූහ.

ජනතාවගේ විරෝධය මැද සනත් නිශාන්ත මහතා නිහඬව සිටියද ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත මහතා විරෝධතාකරුවන්ට කෝපයෙන් බැණ වදිනු දැකගත හැකි විය.

කෙසේ වෙතත් ජගත් සමන්ත මහතා ද එම ඡන්දයට තරග කළ අතර ඔහු පස්වැනි ස්ථානයට පත්ව සභිකයකු ලෙස තේරීපත් විය.

(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න සහ ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top