ලිංගික උත්තේජන ඖෂධ නිසා සිදුවන තරුණ මරණ / ස්භාවික ඖෂධීය බෙහෙත් මෙන්න

ලිංගික උත්තේජන ඖෂධ

කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය පවසන්නේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළයෑමක් නිරීක්ෂණය වී ඇති බවයි.

ඇයගේ ප්‍රකාශය පහතින්,

“හිතුමතේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීම හේතුවෙන් සිදුවන පුද්ගල මරණවල වැඩිවීමක් අපි දකිනවා.මේ මරණවලට ප්‍රධාන හේතුවෙලා තිබුණේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම, මාත්‍රාව නොදැන ලබාගැනීම සහ වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙවැනි ඖෂධ භාවිත කිරීම. “

මේ තත්ත්වයට යොමුවෙලා තිබුණේ වයස අවුරුදු 20-30 කාණ්ඩවල අය සහ එම තරුණ මරණ පහක් පමන මසකට වාර්තා වේ.. බොහෝ තරුණයින් මෙම ලිංගික උත්තේජන ඖෂධ භාවිත කරලා තිබුණේ අත්හදාබැලීම් සඳහා සහ ඔවුන් ගෑහෑනුලමුන් සමග ලිංගිකව හෑසිරිමට පෙර මෙම අවුෂධ ලබාගෙන වෑඩි ක්‍රියාකරිත්වයන් බලපොරොත්තුවෙන් ලබාගන්න වෑඩි මාත්‍රාව නිසා මොවුන් මරණයට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරු පවසන්නේ ක්‍ෂණික ලිංගික උත්තේජන ඖෂධ භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවය. අධික රුධිර පීඩනය සහිත අයකු මෙවැනි ඖෂධයක් ගත්පසු හදිසි හෘදයාබාධවලට ලක්විය හැකිය. නමුත් මේ රටේ කිසිවෙක් මෙවැනි ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් පතන සංස්කෘතියක් රටතුළ නැත. ඒ සඳහා කාලයත්, මුදලුත් වැය කිරීමට බොහෝ අයට වත්කමක් ද නැත.

රටපුරා පිහිටි හෝටල් කාමරවලට යන දෙපාර්ශ්වයම ‘ක්‍ෂණික ලිංගිත උත්තේජන පෙති මාරයාගේ’ තරම අවබෝධ කරගැනීම ඉතා වැදගත් ය. කොළඹ නගරයේ තරුණයන් පහක්වත් මසකට මේ ක්‍ෂණික මාරයාට ගොදුරුවීම සුළුවෙන් නොතැකිය යුතු කාරණයක් යැයි අපගේ වැටහීමයි..

drugs

අතුරු ආබාධ නැතිව අශ්ව ශක්තියෙන් තෘප්තිමත් වෙන්න ස්භාවික ඖෂධීය බෙහෙත් 04ක්.

ලිංගික ශක්තිය වැඩි කරගැනීම සඳහා විවිධ ස්වභාවික ඖෂධයන් භාවිතා කිරීමට මිනිසුන් පෙළඹී තිබෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර සිටයි.

ලෝකයේ පැරණිතම වෛද්‍ය ක්‍රමයන් ලෙස සැලකෙන ආයුර්වේදයේ සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයන් හි ලිංගික ශක්තිය වර්ධනය සඳහා භාවිතා කිරීමට නිර්දේශ කර ඇති ස්වභාවික ඖෂධයන් කිහිපයක්ම ඇත.

දැන් බටහිර රටවල වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන මෙම ඖෂද බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇති ලිංගික ශක්තිය වැඩි කරන ඖෂධයන් දිගු කාලීනව භාවිතා කිරීමෙන් ඇති වන අතුරු ආබාධ මෙම ස්වභාවික ඖෂධයන් භාවිතයෙන් ඇති නොවීම, මේසේ ඉපැරණි ඖෂධ නැවත භාවිතය පැමිණීමට ප්‍රධානතම හේතුවයි.

  1. විතානියා (අමුක්කරා,අශ්වගන්ධ, ඉන්දියානු ජින්සෙන්)
Untitled 2 Recovered 42 1

වසර 3000ක් පමණ තිස්සේ භාවිතා වන ඉතා ප්‍රභල ඖෂධයක් වන මෙය අශ්වයෙකුගේ හා සමාන ප්‍රාණවත් බවක් හා ශක්තිමත් බවක් ලබා දෙන බැවින් අශ්වගන්ධ ලෙස ආයුර්වේදයේ දී හඳුනු ලෑබේ. බටහිර ජාතීන් ‘‘විතානියා“ ලෙස හඳුන්වන මෙම පැළෑටිය මඟින් ශරීරයේ නියිට්‍රික් ඔක්සයඩ් නිෂ්පාදනය වැඩි දියුණු කරන අතර ඉන් ලිංගික අවයව වෙත රුධිරය සැපයෙන රුධිර නාල විස්තාරණය කිරීම සිදුවේ. එමෙන්ම ලිංගික හැගීම් උද්දීපනය කිරීමේ හැකියාවද මෙම ශාකය සතුව පවතිනවා.

දිනකට විතානියා ග්‍රෑම් 2ක් පමණ, දින කීපයක් භාවිතයට ගැනීමෙන් මෙහි ප්‍රතිඵල අත්විදිය හැකි බව බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පවා මේවන විට හෙළිකර ගෙන තිබෙනවා. ගැහැණු හා පිරිමි දෙපාර්ශවයේම ලිංගික ගැටළු සඳහා මෙය ආයුර්වේදයේ දී භාවිතායට ගෙන තිබෙනවා . විතානියා පෙති සහ කරල් වශයෙන් නවීන තාක්ෂණය අනුව නිපදවා මේ වන විට වෙළඳපලට නිකුත් කර තිබෙන අතර 100% ස්වභාවික මෙම නිෂ්පාදනයන් භාවිතයෙන් අතුරු ආබාධවලින් තොරව ඔබේ ලිංගික ශක්තිය වර්ධනය කරගැනීමට හැකියාව ඈත,

2.හාතාවාරිය

Untitled 2 Recovered 43

 මෙය කාන්තාවන්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරන අතරම හෝමෝන ක්‍රියාකාරීත්වය ක්‍රිමවත් කිරීමද සිදුකරනවා. කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමටද මෙය ඉතා යෝග්‍ය ඖෂධයක් ලෙස සැලකෙනවා. අයුර්වේදයේ දී මෙය කාන්තාවන් සඳහා වැඩි වශයෙන් භාවිතා වුවද පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරීමට ද මෙය යොදා ගත හැකි බව සඳහන්.

හාතාවාරිය ගසේ මුල් ජල බඳුනකට දමා මද ගින්නේ මිනිත්තු කීපයක් තම්බා සකසා ගන්නා කසාය, පානය කිරීම සාමාන්‍යයෙන් මෙය භාවිතයට ගන්නා පහසුම ක්‍රමයයි. එහෙත් කැප්සූල් හා පවුඩර් වශයෙන් සැකසූ මෙම ඖෂධය Asparagus නමින් දැන් වෙළඳපලේ දී මිලදී ගන්න පුළුවන්.

3.ගොකටු/ සෙම්බු-නෙරෙන්චි

Untitled 2 Recovered 44

ගොකටු ශාකයේ ඇති ටෙස්ටෙස්ටරෝන් හෝමොන ස්‍රාවය වර්ධනය කිරීමේ ගුණය නිසා ආයුර්වේදයේ දී ලිංගික උත්තේජන ඖෂධයක් ලෙස භාවිතයට ගැනෙනවා. කාම වර්ධකයක් ලෙස කාන්තා හා පිරිමි දෙපාර්ශවය සඳහාම මෙය යෝග්‍ය බව අයුර්වේදයේ දැක්වෙනවා. ගොකටු ශාකය, ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් නිෂ්පාදනය වර්ධනය කරන අතර එමඟින් පිරිමින්ගේ ලිංගික අවයව දිගු වේලාවක් ප්‍රාණවත්ව තැබීමට හැකියාව ලබා දෙනවා.

කාන්තාවන්ගේ ලිංගික ආශාවන් මර්ධනය කිරීමට හේතුවන ප්‍රොලැක්ටීන් හෝමෝනය නිපදවීම පාලනය කිරීමට මෙම ඖෂධයට හැකි නිසා කාන්තාවන් සඳහා ලිංගික උත්තේජන ඖෂධයක් ලෙස මෙය භාවිතයට ගැනෙනවා.

ගොකටු කුඩු වශයෙන් දිනකට ග්‍රෑම් 1ත් 3ත් අතර ප්‍රමාණයක් භාවිතයට ගැනීමෙන් දින කිහිපයක් තුල මෙහි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතිනවා. tribulus ලෙස බටහිරයින් හඳුන්වන මෙම ශාකයේ, සාරය යොදා ගනිමින් නිපදවූ පවුඩර් සහ කැප්සූල් දැන් වෙළඳපලට නිකුත් වී තිබෙනවා.

4.ජින්සෙන්

Untitled 2 Recovered 48

වසර සිය ගණනක සිට චීන වැසියන් ලිංගික ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටළු වලට පිලියමක් වශයෙන් ජින්සෙන් භාවිතයට ගෙන තිබෙනවා. ජින්සෙන් ප්‍රජනන පද්ධතියේ මෙන්ම ස්නායු පද්ධතියේ ද ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට හේතුවන අතර එය කාම ශක්තිය වැඩි දියුණු කිරීමද සිදුකරනවා. ජින්සෙන් සතු මෙම ගුණාංග හේතුවෙන් ලිංගික අවයව වෙත රුධිර වහනය ක්‍රමවත් කරන අතර එමඟින් ලිගුව ප්‍රාණවත් බව වැඩි කරනවා.

එමෙන්ම මෙහි අන්තර්ගත රසායනයන් මඟින් මානසික මට්ටම යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වන බැවින් එයද ලිංගික උත්තේජනය කෙරෙහි හේතුවනවා.

ජින්සෙන් සාරය පල්ප් , පවුඩර් සහ කැප්සූල් වශයෙන් ලබා ගැනීමට හැකි අතර පවුඩර් වශයෙන් ලබා ගන්නේ නම් දිනකට ග්‍රෑම් 5ත් 10ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමෙන් දින කිහිපයක් තුල ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන බව සඳහන්.

04.වැල් පෙනෙල

Untitled 2 Recovered 45

පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි දියුණු කිරීමට මෙන්ම සරුබව වැඩි කිරීමට ඉතා ගුණදායක ඖෂධයක් වශයෙන් මෙය ආයුර්වේදයේ දී බහුලව යොදා ගනු ලබයි.

වැල්පෙනල පානයක් ලෙස භාවිතයට ගැනීමෙන් වගේම ගිතෙල් වලින් මලවා ආහාරයට ගැනීම මඟින් ද පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව ඇත. පවුඩර් වශයෙන් සකස් කල වැල් පෙනෙල නිෂ්පාදන දැන් සාමාන්‍ය වෙළසැලකින් පවා මිලදී ගන්න පුළුවන්.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top