ලොවක් ආදරය කරන, සුප්‍රසිද්ධ ගායකයාට වසර 13ක සිර දඩුවම්..! හේතුව මෙන්න..(PHOTOS)

22 6381f95a55ee4

සුප්‍රසිද්ධ පොප් ගායකයෙකුට වසර 13ක සිර දඬුවම් නියම වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.එනම්, චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතික ක්‍රිස් වූ හට මෙලෙස දඩුවම් නියම වුණා. ඒ කාන්තාවන් 3 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවකට අදාළවයි.

වයස අවුරුදු 17 ක පාසල් සිසුවියක් පසුගිය වසරේ ක්‍රිස් වූ විසින් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණා. ඒ අනුව, ඒ පිළිබඳ දැඩි කතාබහකට ලක්වූ අතර, ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත්, එම සිද්ධියට අදාළව ක්‍රිස් වූ පසුගිය වසරේදී අත්අඩංගුවට ගැණුනු අතර, එම සිදුවීමත් සමග ඔහු සන්නාම තානාපති ලෙස පෙනී සිටි චීනයේ සමාගම් ගණනාවක් සිය ගිවිසුම් අත්හිටුවීමටයි පියවර ගනු ලැබුවේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top