වායුගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය ඉහළට

edf8b944 a4d0812f 91730b61

ශ්‍රී ලංකාවේ වායු ගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය නියමිත ප්‍රමිතීන්ට වඩා බරපතළ ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය කියා සිටින්නේ අධිකාරිය විසින් නම් කර තිබෙන දුවිලි අංශුවල ප්‍රමිති අගය ඉක්මවා ගොස් ඇති බවයි.

සාමාන්‍යයෙන් පැය 24ක කාලයක් තුලදී තිබිය හැකි දුවිලි අංශු ප්‍රමාණය (කියුබික් මීටරයක් තිබිය හැකි මයික්‍රෝ ග්‍රෑම් ප්‍රමාණය) 50ක් පමණ විය යුතු වනවා.

නමුත් මේ දිනවල එම ප්‍රමාණය 75ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සෑම වසරකම නොවැම්බර් මාසයේ මැද සිට මාර්තු දක්වා ඉන්දියාවේ අහිතකර වායු දුෂණ තත්ත්වය ඉහළ යෑම හේතුවෙන් මෙරටට එය දැඩිව බලපානු ලබනවා.

මේ තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශයේ ද වායු දුෂණ තත්ත්වය ද ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ පවතින වාහන තදබදය හේතුවෙන් වැඩි දුවිලි ප්‍රමාණයක් පිටවන අතර ඒ හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට හමා එන සුළං ප්‍රවාහය සමඟ එන දුවිලි අංශු සමඟ වායු දුෂණය තවත් වැඩි වෙන බවයි එම අධිකාරිය පවසන්නේ.

මේ තත්ත්වය මත මහනුවර, යාපනය, පුත්තලම, කොළඹ යන නගර ආශ්‍රිතව දුවිලි අංශු ප්‍රමාණය විශාල ලෙස වැඩිවී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරිසර දුෂණ තත්ත්වයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණ භාවිතා කර අව් රශ්මිය පවතින අවස්ථාවන්වලදී එළිමහනේ මහන්සි වී සිදුකරන වැඩ අවම කරන ලෙසයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top