විස්සයි විස්ස ලෝක ශූරයින්ට ලැබුණු තෑගි මුදල අනාවරණය කරයි – ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු මුදල මෙන්න..

cricket

2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී එක් එක් කණ්ඩායම් වෙනුවෙන් පිරිනමනු ලැබූ තෑගී මුදල්වල වටිනාකම මේවන විට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව තරගාවලියේ ශූරයින් ලෙස අභිෂේක ලැබූ එංගලන්තයට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමි වූ අතර ඔවුන් සුපිරි 12දෙනාගේ වටයේ තරග 3ක් සහ අවසන් පූර්ව වටයේදී තරගය ද ජයගත්තා.

T20 World Cup 2022 Award Winners and Important Facts 1

එහිදී එක් තරගයක ජයක් වෙනුවෙන් ICC විසින් ලබාදුන් මුදල ඇමෙරිකානු ඩොලර් 40,000ක්. ඒ අනුව මෙවර තරගාවලියේ දී එංගලන්තය දිනාගත් සමස්ථ තෑගී මුදලේ වටිනාකම රුපියල් කෝටි 63.3කට ආසන්න වනවා.

අනුශූර පාකිස්ථානයට අමෙරිකානු ඩොලර් 800,000ක් සහ අවසන් පූර්ව තරගවලින් ඉවත්වූ ඉන්දියාවට සහ නවසීලන්තයට අමෙරිකානු ඩොලර් ලක්ෂ 400,000 බැගින් හිමි වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ තරග වටයෙන් ඉවත්වන්න සිදු වූ අතර එහිදී ICC විසින් එම වටයෙන් ඉවත්වන සෑම කණ්ඩායමක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 70,000ක බැගින් ලබා දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේදී සහ සුපිරි 12 දෙනාගේ තරග වටයේදී තරග 4ක් ජයගත් අතර එක් තරගයක ජයක් වෙනුවෙන් ඔවුන්ට ඩොලර් 40,000 බැගින් හිමි වූ එම තරග ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 60,000ක මුදලක් හිමිවුණා.

ඒ අනුව මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ සමස්ථ තෑගී මුදලේ වටිනාකම අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 30,000ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 8යි දශම 3කට ආසන්න වනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top