සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

jacquline frenandez

සුරූපී බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි.

මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින් හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් ජැකලින්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඇය පවසා ඇත්තේ සුකේෂ් වැලිගම ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගත් බව පැවසුව ද තමන් කිසිදිනෙක එහි ගොස් නොමැති බවය.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ පිළිබඳව අධිකරණමය කටයුතු සිදුවෙමින් ඇති බවය. මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනාවලින් බේරීම සඳහා තමන් සුකේෂ්ගේ අපරාධ ඉතිහාසය පිළිබඳව නොදන්නා බවට ජැකලින් අසත්‍ය ප්‍රකාශන සිදුකර ඇති බවද ඒ සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

3e6dea56 61ef 11ed a886 4f0eae2e705f 1668508118427 1668508118427 1668508135337 1668508135337 1

ජැකලින්ගේ, අමෙරිකාවේ සිටින සහෝදරියට ඉන්දියානු රුපියල් කෝටි 1.26ක් ලබාදී ඇති බවත් ඕස්ට්‍රේලියාවේ සිටින සහෝදරයාට ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක් සහ ඉන්දියානු රුපියල් කෝටි 5.17ක ත්‍යාග ලබාදී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

jacqueline fernandez makeup skincare
jaca india

සබෑදි ලිපි –

තිලිණි ප්‍රියමාලිට සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන්ගේ නමත් ගෑවෙයි
වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි….
ධනුෂ්ක තරුණිය සමඟ ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ කැමැත්තෙන්ලු…අවසාන හරියෙදිලු අවුල් ගිහින් තියෙන්නෙ.. ඉන්පසු සිදු වූ දේ…
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top