සේවකයන් ලක්ෂ දෙකකට රෑකියා අහිමිවීමේ ලකුනු.. ඔබත් ඒ අතරද….!

රෑකියා අහිමිවීමේ ලකුනු

විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන , කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවකයින් සහ සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි , සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත ලෙස පාඩු ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බව ඔවුහු පෙන්වා දෙති…

කොවිඩ් රොගය පැතිරීමත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්ද , සේවකයෝ සහ විවිධ වෘත්තිකයෝ ලක්ෂ 5කට වැඩි පිරිසක් මහ පාරට වැටුනි…. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයෙහි හෝටල් , අවන්හල් , විලා , නිකේතන වැසී යාමේ තර්ජනයට මුහුණදී ඇති ප්‍රධාන ස්ථාන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පවසන්නේය…

ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා තරු පහේ හෝටල් ,විලා , ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන සහ කුඩා ප්‍රමානයේ හොටල් , දස දහසකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය. හෝටල් පවත්වාගෙන යෑම සඳහා විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

රජය සූර්ය පැනල (සෝලා) වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හෝටල් වහල සැපයීමට සූදානම් බවද එම සංගම් නියෝජිතයෝ පවසති. ඒ අතර ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැම් ආයතන සිය සේවකයන් ඉවත් කිරීමට සහ අඩු කිරීමට විවිධ වැඩසටහන් දැනටමත් හඳුන්වාදී ඇත. එහිදී අසරන වෙන්නෙද රටේ ජනතාවයි..

ජීවන වියදම වැඩිවීම හේතුවෙන් , ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් 2020 වසරේ පමණක් ශ්‍රමිකයන් 53,711 දෙනකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි…. විදේශගතවූ ශ්‍රමිකයන් සංඛ්‍යාව පසුගිය 2021 වසරේදී 121795 දක්වා වැඩිවී ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top