හෙට (1) සිට ඉන්ධන QR ක්‍රමයට පමණි…

FY92b6MVQAAUutb

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය , කිව් ආර්. ක්‍රමවේදය හෙට (01) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනබවයි රජය මගින් දැනුම් දෙන්නෙ…

ඒ අනුව ටොකන් ක්‍රමය සහ භාවිතයේ පැවති අනෙකුත් ක්‍රමයන් අහෝසි වී QR ක්‍රමවේදය පමණක් දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත්, තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන ප්‍රමානය ලබාගැනීම සඳහා සතියක පමණ කාලයක් පවතින හෙයින් හෙට දිනයේම පිරවුම්හල් වෙත පැමිණ එය ලබාගැනිමට උත්සාහ නොකරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

මේ අතර, ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් කිව් ආර් ක්‍රමවේදය සඳහා අද (31) සිට වාහන ආදායම් බලපත්‍ර අංකයට අනුව ද ලියාපදිංචි විය හැකි වනවා. ඒ අනුව, වාහනයේ චැසි අංකයෙන් QR ක්‍රමවේදයට ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට මෙලෙස ආදායම් බලපත්‍රයෙන් ලියාපදිංචියට අවස්ථාව හිමිවනවා.

මේ වනවිට QR ක්‍රමවේදය සඳහා ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 4,691,649 ක්. එයින් රථ වාහන 4,159,267 ක් පෙට්‍රල් වාහන වන අතර, 532,371 ක් ඩීසල් වාහන වනවා.

මේ අතර, සියලුම ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නම ඉන්ධන පිරවුම්හල නම් කර ලබාදිය යුතුයි. ඒ අනුව ඉදිරියේදී එම පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට කටයුතු කරනු ලබනවා.

FY92b6MVQAAUutb
FY92b6WUIAAdnUh
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top