ලෝකයේ විශාලතම මගී ගුවන් යානය 03 වන වරටත් කටුනායකට පැමිණෙයි 

a380 airbus emirates

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන එයා බස් ඒ.- 380 – 800 වර්ගයේ ගුවන් යානය තුන් වන වරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම පැමිණ තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ.කේ.- 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත ගමන් ගන්නා අතරතුර ඉන්ධන ලබා ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම 03.10ට පැමිණ තිබෙනවා.

මෙම විශාලතම මගී ගුවන් යානය කොරෝනා වසංගතයට පෙර, එනම් 2019 වසරේ දීත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණු බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙම ගුවන් යානය තුළ මගීන් 413 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 29 දෙනෙකු සිටිය නුමුත් ඔවුන් කිසිවෙකුත් ගුවන් යානයෙන් පිටතට නොපැමිණි බව සඳහන්.

ඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත්, එම ගුවන් තොටුපළ අහසෙහි මෙම ගුවන් යානයට වට කීපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට මෙම ගුවන් යානයේ ගුවන් නියමුවන් තීරණය කර තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් වටිනා ජෙට් ඒ.-1 වර්ගයේ ඉන්ධන ලීටර් 62,800 ක් මෙම ගුවන් යානයට ලබා දීමට පියවර ගෙන තිබුණා.

මේ සදහා පැය 01 යි විනාඩි 40 ක කාළයක් ගත වී තිබූ අතර මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව අද දින අලුයම 04.50 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

1920 img 0549
1920 1tw 2
563f2a66ba884d638a0e32e1767f2254 emirates a380 crew 1500a
Emirates VR 1 e1530877949959
1920 An Emirates Airbus A380 932722
maxresdefault 2
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top