විහාරාධිපතිකම ඉල්ලා මාර ගහට නැග්ග හිමි නම ගැන තොරතුරු හෙළිවේ

himi nama gaha uda

කුරුණෑගල – හලාවත ප්‍රධාන මාර්ගය අයිනේ මාර ගසකට නැග විරෝධතාවක යෙදී සිටින හිමි නමක ගැන පෙරේදා වාර්තා වී තිබුණි.
එදින පෙරවරු 7.00 ට පමණ අඩි 50 ක් පමණ උස මාර ගසට නැග විරෝධතාවය දක්වන්නට කටයුතු කළ එහිමියන් ගැන වැඩිදුර තොරතුරු මේ වනවිට වාර්තාවේ.පඬුවස්නුවර රජමහ විහාර​යේ වැඩ සිටින පූජ්‍ය ගලගෙදර විපුලසාර හිමියෝ මෙම හපන්කම කළහ.

කොටඹ පිටිය හිරිපොකුණ ප්‍රදේශයේ මාර ගසට නගින්නට හිමියන් පෙළැඹවූ හේතුව වෙනම කතාවකි.

මෙයට ටික කලකට පෙර අපවත් වී වදාළ පඬුවස්නුවර රජමහ විහාරාධිපති දේවමැදිහත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක උහන්ගොඩ රතනසාර නායක ස්වාමින් වහන්සේ ජීවත්ව සිටින කාලයේම මේ ගසට නැගි  විපුලසාර හිමියන්ට විහාරාධිපතිකම පවරා තිබී ඇත.
කෙසේ නමුත් නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව ලොකු වහන්සේගේ ශිෂ්‍ය හිමි නමක් වන මිරිහානේගම සුවණපිරි ස්වාමින් වහන්සේ විසින් පවරා තිබූ විහාරාධිපතිකම අවලංගු කර තමන්වහන්සේ විහාරාධිපති බව කියමින් පෙනී සිටි බව කියැවේ.

මල්වත්තේ මහ නායක ස්වාමින් වහන්සේගේ අනුමැතියට ලක්ව ඊට අදාළව විපුලසාර හිමියන්ට ලබාදුන් විහාරාධිපති කම අවලංගු කර නැවත වෙනත් ශිෂ්‍යයකු හට එය ලබා දීම ගැටලුකාරී වී ඇත.
හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගසට නැඟ සිටින හිමියන් ගසෙන් බැසවීමට අවශ්‍ය පියවර ගත් අතර ප්‍රශ්නය වෙනම විසඳන්නට යොමු කර තිබුණි.

මෙම ක්‍රියාව සමග සංඝයා වහන්සේලාගේ තණ්හාව ගැන සමාජ මාධ්‍ය තුළ කතාබහක්ද ඇති විය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top