උදේ වැඩට යද්දී අභිරහස් ලෙස මියගිය සචිනිගේ මළ සිරුර ඇළේ…

abirahas maranaya

රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ තරුණියක අභිරහස් ලෙස මරණයට පත්වූ සිදුවීමක් අද (27) උදෑසන වාර්තා විය. උදෑසන රැකියාවට යාමට පිටත්ව ගිය ඇය ගැන තොරතුරක් නැතියෙන් සොයා බැලීමේදී ඇගේ නිවස අසලම ඇළ මාර්ගයක තිබියදී ඇගේ මළ සිරුර හමුවූයේ ඇළේ පාලමක් අසළ දියේ ඔබා තිබියදීය. ඇය 6.35 බස් රථය ලබාගැනීමට 6.20 ට නිවසින් පිටත්ව ගිය බවත් තොරතුරක් නැතිවූයේ එම මිනිත්තු පහළොවක කාලය තුළ බවත් වාර්තා විය.
ඇය ඇළ මාර්ගය වෙත ගෙන ගියේ කවුරුන්ද යන් තවම අවිනිශ්චිතය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සචිනි ජිනාදරී නමැති 25 හැවිරිදි තරුණියකි.

ශ්‍රී ජයවර්ධනපුරවිශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර හිදැල්ලන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත සිටි ඇය විවාහපේක්ෂාවෙන් සිටි අතර සිද්ධිය වූ අද දිනයෙ උදෑසන තම පෙම්වතාටද දුරකථනයෙන් කථා කරන්නට උත්සාහ ගෙන තුබුනේ 6.20- 6.35 අතර කාලයේදීය. අවාසනාවට පෙම්වතාට ඇමතුම මගහැරී ඇත.
ඇයට එම අවස්ථාවේ කිසියසම් කරදරයක් සිදුවී ඒ ගැන දන්වන්නට උත්සාහ ගත්තාදැයි නිවැසියන් සැක කරයි.
පසුව උදෑසන ඇයට ඇමතුම් දිගටම ගත්තත් දිගටම ප්‍රතිචාර නොලද නිසා
සචිනි පිළිබඳ තොරතුරක් නොවූයෙන් ඇතිවූ සැකය මත පවුලේ ඥාතීන් ඒ ගැන පොලීසිය දැනුවත් කර සිදුකළ සෝදිසියේ දී ඇගේ මළසිරුර හමුවී ඇත.
සචිනිගේ නිවසට යාබද ඇළ මාර්ගයක දියෙහි ඔබා තිබූ අතර ඇය එතැනට ගිය ආකාරය සෙවීමට විශේෂ ස්ථානීය පරීක්ෂණයක් පොලිසිය සිදු කර තිබුණි. පොලිස් සුනඛයෙකුද යොදාගෙන පරීක්ෂණ අරඹා තිබුණි.
මියගිය සචිනි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමල් දියණිය විය.
මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන රත්නපුර සහ ඇළපාත පොලිස් ස්ථාන මගින් ආරම්භ කර තිබේ.

t78o7to
tiuoyuoil
uiolyoiul
tytyj

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top