මගේ සැමියා ප්‍රසිද්ධියේ පෙනී ඉන්න ටිකක්වත් කැමැති නැහැ – නදිනි ප්‍රේමදාස (Photos)

nadini premadasa

සිරස සුපර් ස්ටාර් තුළින් සංගීත කේෂත්‍රය හඳුනාගත් ගායිකා නදිනි ප්‍රේමදාස සතිඅන්ත පුවත්පතකට ඇගේ සැමියා ගැන දක්වා තිබෙන අදහස් මෙසේය.

‘මම ජනප්‍රියම කාලයේ තමයි ඇත්තටම විවාහ වුණේ. මේ අප්‍රේල් මාසයට අවුරුදු 12ක් වෙනවා විවාහ වෙලා. මම විවාහ වුණේ අවුරුදු 23 දී. මධුර කියන්නේ ගොඩක් හොඳ සැමියෙක්. මාව හොඳින්ම තේරුම් ගත්ත කෙනෙක්.
එනිසා මට කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැ මගේ හොඳම කාලේ විවාහ ජීවිතය නිසා මඟ හැරුණා කියලා. විවාහය පස්සට දැම්මා නං සමහර විට මට මධුරව මඟ ඇරෙන්න තිබ්බා. මම විවාහ වෙනකොට ගොඩාක් දෙනෙක් කිව්වා ඇයි මේ වෙලාවේ විවාහ වෙන්නේ, ඔයාගේ හොඳම කාලේ, ජනප්‍රියම කාලේ කියලා. නමුත් මම ඒ හැමෝටමත් කිව්වේ මට විවාහ වෙන්න හරිම කෙනා ලැබුණා. ඒ නිසා මට විවාහය කල් දාන්න ඕන නැහැ කියලා. ඇත්තම කිව්වොත් මම කවදාවත් විවාහය ගැන නම් පසුතැවෙන්නේ නැහැ.

එයා කොහොමත් නිහඬ චරිතයක්. ප්‍රසිද්ධියේ පෙනී ඉන්න ටිකක්වත් කැමැති නැහැ. නමුත් කිසිම දේකට කිසිම වෙලාවක මට නීති දාන්නේ නැහැ. එයා මාව හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. මට ඕන දේ එයා දන්නවා. මම හරි දෙයක් කරන්නේ කියලා එයා දන්නවා. ඒ නිසා මේ දේ කරන්න එපා මේක කරන්න එපා කියලා කියන්නේ නැහැ. හැමදෙයක්ම කරන්න මට ඉඩදීලා එයා මාත් එක්ක ඉන්නවා. ගොඩක් වැඩවලට මාත් එක්ක එයා එනවා. එයත් කාර්යබහුල කෙනෙක් ව්‍යාපාරිකයෙක් හැටියට. නමුත් මම වැඩවලට යද්දී සමහර දවස්වලට එයා තමයි බබාලා බලා ගන්නේ. එයාගෙන් මට නිතරම උදවු ලැබෙනවා. එයා එහෙම පටු අදහස් තියෙන චරිතයක් නෙවෙයි.

බොහෝ දෙනෙක් විවාහ කරගන්නේ ධනවත් අය කියලා මතයක් තියෙනවා.
එහෙම කියලා හැමෝම ධනවත් අය බඳින්නේ නැහැ. මම ඔය ධනවත් කියන වචනය පාවිච්චි කරන්නවත් කැමැති නැති කෙනෙක්. සාමාන්‍ය ජීවිත ගත කරන අයත් ධනවත්තු එක්ක විවාහ වුණු අවස්ථා තියෙනවා. ඔය වගේ අවස්ථාවලදි ජනප්‍රිය අයව නෙත ගැටෙනවා වැඩියි. ජනප්‍රිය අය හිතාමතාම ධනවත් අය එක්ක විවාහ වෙන අවස්ථාත් ඇති. ඒක ඒ ඒ අයගේ පුද්ගලික කැමැත්ත. ඇත්තම කිව්වොත් මම ඒ ගැන හිතන්නේ නැහැ.

ඔහු මුණ ගැහෙන්නේ මගේ යාලුවෙකුගේ මාර්ගයෙන් . අපි දෙන්නා ඉතාම කෙටි කාලයකින් දැන හඳුනාගෙන විවාහ වුණ දෙන්නෙක්. මම ගායන ක්ෂ්ත්‍රයට ආපු මුල් කාලේ හරිම කාර්යබහුල කෙනෙක්. මගෙත් එක්ක මගේ තාත්තා තමයි ෂෝවලට ගියේ. මධුර මම ගායිකාවක් කියලා දැනගෙන තමයි විවාහ වෙන්නේ. එනිසා ඒ පැත්තෙන් අපි අතර ප්‍රශ්න තිබුණේ නෑ. විවාහ වෙන්න කලින් මගෙත් එක්ක ෂෝ වලට තාත්තා එද්දී මධුරත් අපිත් එක්ක ආපු අවස්ථා තියනවා. විවාහ වෙන්න කලින් වගේම විවාහ වුණාට පස්සෙත් මගේ සංගීත ඡීවිතයට උපරිම සහයෝගය දුන්නා. මම ජනප්‍රියද නැද්ද කියන එක එයාට අදාළ නැහැ. නමුත් මගේ කැමැත්ත මගේ දක්ෂතාවයට එයා ඉඩ දුන්නා. එදා වගේම අදටත් එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

මධුර රාජකාරි කටයුතු එක්ක ඉතාම කාර්යබහුල කෙනෙක්.
ඒ දවස පටන් ගන්නේ උදේ පාන්දර හතර හමාරට විතර. මාත් එක්ක ෂෝ වලට ගිහිං උදේ පාන්දර ආවත් එයා උදෙන්ම නැගිටලා එයාගේ වැඩකටයුතු කරගන්නවා. එයා ඉතාම කාර්යබහුල කෙනෙක් වුණත් පවුල් ජීවිතයට තමයි මුල් තැන දෙන්නේ. දරුවන්ගේ සියලුම වැඩකටයුතු ගැන එයා හොයලා බලනවා. එයා ඔෆීස් එකේ හිටියත් මට කතා කරලා හැම දෙයක් ගැනම මතක් කරනවා. මම හිතන්නේ ඒ හොඳ ගති ගුණ එයාට ඇවිත් තියෙන්නේ එයාගේ දෙමාපියන් ගෙන් කියලයි. ඒ තරම්ම එයා පවුල ගැන හිතනවා. හොඳ තාත්තා කෙනෙක් වගේම හොඳ සැමියෙක්.‘

සාකච්ඡා සටහන – හර්ෂණී වීරරත්න – රසඳුන

271547159 475562427272794 3674799646927328536 n
271236146 474682084027495 1118588320926024148 n
338359316 171991745672749 6566276991499134345 n 1
337027839 1388164695277854 4530071625986351393 n
335327153 1670273780097249 3577188539198473097 n
335314048 190155327071751 2176861615149969581 n
332555658 1339733286596726 6814280072529940648 n
324731107 857791302173438 9179753941463804195 n
324565485 698547835321398 4342789469759749559 n
321506427 1183773885583465 5462296768146982856 n
319749703 845009380084569 2432696934899700812 n
319045562 5770012453094040 7261228130446746052 n
311382213 660440415451660 1064003577987131069 n
311586663 659696925526009 570056141080099983 n
309722038 652270269602008 6969229835287854172 n
309147618 648184383343930 1163139948161729693 n
308954654 643674977128204 417412814557878255 n
307014292 640320997463602 226255921427984823 n
301686186 625213945640974 9137474012946453026 n
299887353 617105589785143 1471919864951242457 n
288399524 575900780572291 8542525442886149681 n
283022294 558586865637016 8971809069268718663 n
280037630 550478176447885 4437538156546707298 n
279576968 551022143060155 2636528923067503909 n
279272796 543771730451863 1105809341310193634 n
277566316 525640218931681 2354243212181960918 n
275550293 512800096882360 1848932702115781657 n
274062297 498977021598001 7561480533703001750 n
271864668 482967226532314 2839130903999150160 n
269777715 464565545039149 8870564773322678625 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top